UAE වැඩ කරන ලාංකික ශ්‍රමිකයින්ට මෙරට රජයෙන් සුබ ආරංචියක්

UAE වැඩ කරන ලාංකික ශ්‍රමිකයින්ට මෙරට රජයෙන් සුබ ආරංචියක්
එක්සත් අරාබි එමීර් රාජ්‍යැයේ සේවයේ නියුතු ලාංකික ශ්‍රමිකයින්ගේ අයිතිවාසිකම් වැඩි කිරීමත් ඒවා ආරක්ෂා කිරීම සම්බන්ධයෙන් එරට ශ්‍රී ලංකා තානාපතිවරයාගේ මාර්ගයෙන් සාකච්ඡා ආරම්භ කිරීමට නියමිත බව කම්කරු අමාතශාංශය පසුගියදා නිවේදනය කර තිබේ.
 
එහිදී දිනකට පැය 08ක් නිදා ගැනීමට අවස්ථාව සැලසීම, සතියකට දිනක් හෝ විවේක ගැනීමට අසවස්ථාව, ගුවන් ගමන් බලපත්‍රය ඇපයට තබා ගැනීම වළක්වාලීම, ශ්‍රමිකයාට ජංගම දුරකථනය තබා ගැනීමට අවස්ථාව හිමිවීම, ශ්‍රමිකයාගේ නමින් පවතින ගිණුමකට වැටුප් බැර කිරීමට අවස්ථාව සැලසීම, ශ්‍රමිකයාට සිය ආහාර පිළියෙල කර ගැනීමට අවස්ථාව ලබා දීම යන කාරණා කෙරෙහි අවධානය යොමුකරමින් මෙම සාකච්ඡා පැවැත්වීමට නියමිතයි.
 
වර්තමානය වනවිට ලාංකික ශ්‍රමිකයින් දහස් ගණනක් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායි, අබුඩාබි,සාජා හි ගෘහ සේවයේ මෙන්ම අනිකුත් අංශ වලද සේවයේ නිරත වෙයි.
 
මෙම සාකච්ඡා යටතේ UAE හි සේවය කරන ලාංකික ශ්‍රමිකයින්ට ඉදිරි කාලය වඩාත් සුබදායක එකක් වෙනු ඇති බව අපේ විශ්වාසයයි.