ඔබ දැනට විදේශගතව සේවය කරන අයෙක්ද? එසේ නොමැති නම් විදෙස්ගතව සිට මෙරටට පැමිණි අයෙක්ද?විදෙස්ගතවීමට අපේක්ෂාවෙන් පසුවෙන අයෙක්ද? ඔබ සියලුම දෙනාට ඉතා වැදගත් නිවේදනයක් සංක්‍රමණික හඬ ජාලය (Voice of Migrant Network-VoM) විසින් නිකුත්කර තිබේ.
ඒ අනුව ශ්‍රම සංක්‍රමණික අයිතීන් සහ යහපැවැත්ම සහතික කිරීම සඳහා නිර්මාණය වී ඇති VOM ජාලය සමඟ සම්බන්ධ වීමට දැන් ඔබටත් අවස්ථාව හිමිව තිබේ.
Voice of Migrant Network යනු ජාතික සහ බිම් මට්ටමේ වෘත්තීය සමිති, සිවිල් සමාජ සංවිධාන සහ දිස්ත්‍රික්ක කිහිපයක සංක්‍රමණික සමිතිවල ස්වේච්ඡා සන්ධානයක් වන අතර එය විදෙස්ගතව සිට මෙරටට පැමිණි සංක්‍රමණික ශ්‍රමිකයින් සහ සංක්‍රමණික ශ්‍රමිකයින්ගේ පවුල්වල සාමාජිකයින්ගෙන් සැදුම්ලත් ජාලයකි. මෙම ජාලය ප්‍රථම වරට පිහිටුවන ලද්දේ 2020 සැප්තැම්බර් මාසයේදී කම්කරු සංක්‍රමණය සාකච්ඡා කිරීම සඳහා පැවති ජාතික උපදේශනයකදී ආරම්භකිරීමට කටයුතු කර තිබෙන අතර එතැන් පටන් අද දක්වා ඉතා සක්‍රීය ලෙස සංක්‍රමණික සේවකයින් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින් වෙනුවෙන් විශාල කාර්යභාරයක් සිදුකරන ක්‍රියාකාරී ජාලයක් ලෙස ප්‍රචලිතව පවතී.
දිස්ත්‍රික්ක 13 ක සිවිල් සමාජ 16 ක්, වෘත්තීය සමිති 5 ක් සහ සංක්‍රමණික සංගම් 409 ක් මෙම ජාලය තුළ එක්ව කටයුතු කරන අතර දිස්ත්‍රික්, ජාතික, උප කලාපීය සහ ජාත්‍යන්තර මට්ටමින් සංක්‍රමණික ශ්‍රමිකයින්ගේ අයිතීන් සුරක්ෂිත කිරීම,විදෙස්ගත වීමේ සිට නැවත මෙරටට පැමිණෙන තෙක් සෑම අවස්ථාවන්හිදීම ශ්‍රමිකයින් වෙනුවෙන් පෙනී සිටීම,නිස් ජාවාරමට එරෙහිව උපදේශනය, පුහුණුව, ප්‍රචාරණය, දැනුවත් කිරීම්, සමීක්ෂණ, පර්යේෂණ සහ තවත් බොහෝ කටයුතු කරනු ලබයි.
සංක්‍රමණික සේවක ඔබ සහ ඔබේ පවුලේ යහපැවැත්ම ගැන ඔබ සිතනවානම් මේ ඔබට ලැබී තිබෙන අනඟි අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්න. ඔබ වෙනුවෙන්ම නිර්මාණය වී ඇති VOM ජාලයට සම්බන්ධ වීමට ඔබ කැමති නම් පහත දැක්වෙන ඊමේල් ලිපිනය හරහා පහත ලියකියවිලි සමඟ ඔබේ සම්බන්ධ වීම තහවුරු කරන්න.
Cette adresse e-mail est protégée contre les robots spammeurs. Vous devez activer le JavaScript pour la visualiser.
• ඉල්ලීම් ලිපියක්
• සංවිධානයේ ලියාපදිංචි සහතිකය (ඇත්නම්)
• සංවිධානයේ ව්‍යවස්ථාව හෝ සංගම් වගන්තිය
VOICE OF MIGRANTS COALITION
