මූලික අයිතිවාසිකම් පිළිබඳව නීතිමය ප්‍රතිපාදන කෙසේ ද?

මූලික අයිතිවාසිකම් පිළිබඳව නීතිමය ප්‍රතිපාදන කෙසේ ද?

මූලික අයිතිවාසිකම් හා මානව අයිතිවාසිකම් බැලූ බැල්මට එක හා සමාන වන නමුත් දේශීය වශයෙන් හා ජාත්‍යන්තර ලෙස පිළිගත් සංකල්ප දෙකක් ලෙස එය සරලව හැඳින්විය හැකියි. මූලික අයිතිවාසිකම් රටකට විශේෂ වන අතර එය රටේ ඉතිහාසය හා සංස්කෘතිය අනුව සැකසෙන අතර මානව හිමිකම් හෙවත් මානව අයිතිවාසිකම් ජාත්‍යන්තරව පිළිගත් විශ්වීය අයිතීන් සමූහයකි.

වෘත්තිය සමිති ක්‍රියාකාරීන් හට තම සාමාජික ප්‍රජාව දැනුවත් කිරීමේ දී මූලික අයිතිවාසිකම් පිළිබඳ අවබෝධය තිබීම ඉතාම වැදගත්ය. එනම් වෘත්තීය සමිති සාමාජික අයිතිවාසිකම් වෙනුවෙන් ක්‍රියා කිරීමේදී මෙන්ම වෘත්තිය සමිති ක්‍රියාමාර්ග ගැනීමේදී ද එකී ක්‍රියාමාර්ග මූලික අයිතිවාසිකම් යටතට වැටෙන්නේද නැතහොත් මූලික අයිතීන් උල්ලංඝනය වන්නේ ද යන්න දැනගෙන සිටීම තවදුරටත් ඔවුන්ට වැදගත් වේ.

යම් මානව අයිතියක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ඇතුළත් කළ විට මූලික අයිතිවාසිකමක් ලෙස පිළිගැනේ. ලංකාවේ මූලික අයිතිවාසිකම් පිළිබඳව වෙනම පරිච්ඡේදයක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ඇතුලත් කර ඇති විට ඡාත්‍යන්තරව පිළිගත්  විශ්වීය තත්ත්වයකි. මූලික අයිතිවාසිකම් නීතියක් ලෙස ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ බලාත්මක වන අතරින් මානව අයිතිවාසිකම් එසේ අධිකරණයක් ඉදිරියේ බලාත්මක කර ගැනීමට ඇති ඉඩකඩ සහ අවස්ථාවන්  සීමිත වේ.

සෑම පුරවැසියෙකුගේම ජීවිතය පිළිබඳ නිදහස හා සතුට රජයක් විසින් සහතික කළ යුතු සේම ආරක්ෂා කළ යුතු ද වේ. නම් මෙම මූලික අයිතිවාසිකම් සෘජුවම රජයට එරෙහිව ක්‍රියාත්මක වන අතර එමඟින් රජයක අත්තනෝමතික බලය හා කාර්යයන් සීමා කර තිබේ.

මේ සම්බන්ධයෙන් ඉන්දියාවෙහි භගවත් විනිශ්චකාරවරයා විසින් මූලික අයිතිවාසිකම් සම්බන්ධයෙන් රජයකට ඇති සුවිශාල වගකීම අවධාරණය කර ඇත්තේ මෙලෙසයි.

මූලික අයිතිවාසිකම් වලට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුළ  විශේෂිත ස්ථානයක් ලබා දීම ඡාත්‍යන්තරව වැදගත් කරුණකි. මූලික අයිතිවාසිකම් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ හෘද සාක්ෂිය ලෙසත්  ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දී ආත්මය ලෙසත් පිළිගනු ලැබේ.

ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ට  මූලික අයිතිවාසිකම් ඇතුළත් කර ඇති අතර කීප ආකාරයකින් ක්‍රියාත්මක වේ. ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව රටේ පුරවැසියන්ගේ අභිමානය සහ සමෘද්ධිය සහතික කිරීම සඳහා නිදහස, සමානාත්මතාවය මූලික අයිතිවාසිකම් සහ අධිකරණයේ ස්වාධීනත්වයන් සහතික කර ඇත.

ශ්‍රී ලංකාවට පළමුවරට මූලික අයිතිවාසිකම් නමින් වගන්තියක් ඇතුලත් වන්නේ 1972 ඡනරජ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මඟිනි.  ඒ තුළින් මූලික අයිතිවාසිකම් කඩ වූ විට නෛතිකව බලාත්මක කර ගැනීමට ක්‍රමවේදයක් නොවීම 1978 ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සම්පූර්ණ කර මූලික අයිතිවාසිකම් සඳහා වෙනමම  3 පරිච්ඡේදයන් ඇතුළත් කොට ඒවා ක්‍රියාත්මක කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය වෙත බලය පැවරීමෙන් සනාථ වේ. අනුව 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 10 ව්‍යවස්ථාවේ සිට 14 ව්‍යවස්ථාව දක්වා ඇති  සිවිල් සහ දේශපාලන අයිතීන් සෑම පාලන ආයතනයක් විසින් ගරු කළ යුතු, ආරක්ෂා කළ යුතු සහ වර්ධනය කළ යුතු අයිතීන් වෙයි. ඒවා ‍ව්‍යවස්ථාවේ සඳහන් කර ඇති ආකාරයට හා ප්‍රමාණයට මිස  සීමා කිරීම හෝ අහිමි කිරීම නොකළ යුතුය.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 6 වන පරිච්ඡේදයේ රාජ්‍ය ප්‍රතිපත්ති මෙහෙයවීමේ මූලධර්මය සහ මූලික යුතුකම් යටතේ සියලු තැනැත්තන්ගේම මූලික අයිතිවාසිකම් සහ නිදහස සපුරාලීමට කැප වී සිටි යනුවෙන් දක්වා තිබීමෙන් එය මනාව පැහැදිලි වේ.

මූලික අයිතිවාසිකම් උල්ලංඝනයක දී යමකු වගකීමට ලක්වන්නේ එය විධායක හෝ පරිපාලන ක්‍රියාවක් මගින් කරන ලද්දේනම් පමණි. ඊට පෞද්ගලික අංශය, අධිකරණය හා පාර්ලිමේන්තුව ඇතුළත් නොවේ. බොහෝවිට රජයේ නිලධාරියකු හෝ රජයේ ආයතනයක් විසින් බලය අයුතු ලෙස යොදා ගැනීමක් හෝ බලය ඉක්මවා සිදුකරන ලද ක්‍රියාවක් මත  ඇතිවන මූලික අයිතිවාසිකම් උල්ලංඝනයක් සලකා බැලේ.

විධායක ක්‍රියා මඟින් මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කළ හැකි ාජ්‍ය පාර්ශවයන් වන්නේ

  • සියලුම අමාත්‍යාංශ ලේකම්වරු.
  • පළාත් සභා නගර සභා සහ ප්‍රාදේශීය සභා ලේකම්වරු
  • පොලිස් දෙපාර්තමේන්තුව
  • ත්‍රිවිධ හමුදාව

පරිපාලන ක්‍රියා මගින් මූලික අයිතිවාසිකම් උල්ලංඝනය විය හැකි පාර්ශවයන් වන්නේ

  • සියලුම දෙපාර්තමේන්තු
  • අධිකාරි
  • සංස්ථා සහ ව්‍යවස්ථාපිත මණ්ඩල
  • ව්‍යවස්ථාපිත කොමිෂන් සභා
  • 50 % ට වඩා රජයට කොටස් අයිති සමාගම්

තවද යම් මූලික අයිතිවාසිකමක් වියක හෝ පරිපාලන ක්‍රියාවක් මගින් උල්ලංඝනය කර තිබීම පමණක් නොව උල්ලංඝනය කිරීමට අත්‍යාසන්නව තිබීම සම්බන්ධයෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 126 ව්‍යවස්ථාවේ පරිදි ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කිරීමට ඒ තැනැත්තාට හිමිකම් ඇත.