විදුලි ඉංජිනේරු සංගමයට  ජූලි 06 වන තුරු වැඩවර්ජන බෑ

විදුලි ඉංජිනේරු සංගමයට  ජූලි 06 වන තුරු වැඩවර්ජන බෑ

ලංකා විදුලි බල මණ්ඩලය විසින් ඉදිරිපත් කළ පැමිණිල්ලක් මත මහජනතාවට ලංකා විදුලිබල මණ්ඩල ඉංජිනේරු සංගමයට නිකුත් කොට තිබූ වාරණ නියෝගය කොළඹ දිස්ත්‍රික් උසාවියේදී කැඳවූ අවස්ථාවේ එම වාරණ නියෝගය ජූලි මස 06 වන දා දක්වා දීර්ඝ කොට තිබේ.

විදුලිය සැපයීමේ දී, ඊට බාධාවන ආකාරයෙන් වැඩවර්ජන හා වෙනත් වෘත්තීය ක්‍රියා මාර්ගවල නිරත වීම වලක්වන ලෙස කරන ලද පැමිණිල්ලක් මත මෙම වාරණ නියෝගය ලබාදී තිබූ අතර, නඩුව සම්බන්ධයෙන් විරෝධතා ඇති නම්, ඒවා ජූලි මස 6 වැනි දා ගොනු කරන ලෙස ද විනිසුරුවරිය විත්ති පාර්ෂවයට නියෝග කර තිබේ.