කොවිඩ් අවදානම නිසා දුම්රිය ස්ථාන 07ක් වසා දැමෙයි

කොවිඩ් අවදානම නිසා දුම්රිය ස්ථාන 07ක් වසා දැමෙයි
දුම්රිය ස්ථානාධිපතිවරුන් 38දෙනෙකුට කොවිඩ් ආසාදනය වීම නිසා දුම්රිය ස්ථාන හතක් වසා දමා ඇතැයි දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය ප්‍රකාශකර තිබේ.
 
ඒ අනුව ඉඳුරුව, රත්ගම, විල්වත්ත, තල්පේ, හෙට්ටිමුල්ල, එගොඩ උයන සහ උතුරු කළුතර යන දුම්රිය ස්ථාන  මෙලෙස වසා දමා තිබෙන අතර මේ වන විට දුම්රිය ප්‍රවාහන උප දෙපාර්තමේන්තුව යටතේ සිටින දුම්රිය ස්ථානාධිපතිවරුන්, නියාමකයන් ඇතුළු 102 දෙනකු කොවිඩ් ආසාදිතයන් ලෙස හඳුනාගෙන තිබෙන බවත් සංගමය පෙන්වා දෙයි.
 

ආසාදිතයින් ලෙස හඳුනාගත් අය අතර දුම්රිය ස්ථානාධිපතිවරුන් 38 දෙනෙක්, නියාමකයන් 12 දෙනෙක් සහ කනිෂ්ඨ කාර්ය මණ්ඩලවල 52  දෙනෙක් සිටින බවයි සඳහන් වෙන්නේ.