අද (09) රාත්‍රී සිට දුම්රිය ස්ථානාධිපතිවරුන් වර්ජනයේ

අද (09) රාත්‍රී සිට දුම්රිය ස්ථානාධිපතිවරුන් වර්ජනයේ

දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ උසස් වීම් පොරොන්දු වූ පරිදි  ලබා නොදීම හේතුවෙන් අද (09) දින මධ්‍යම රාත්‍රියේ සිට වැඩවර්ජනයක් ආරම්භ කරන බව ශ්‍රී ලංකා දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමයේ සභාපති සුමේධ සෝමරත්න මහතා විසින් දුම්රිය සාමාන්‍යාධිකාරිවරයා වෙත ලිපියක් යවමින් දන්වා සිටී.

රාත්‍රී 12.00 පසු ගමනාන්තයන් ඇති දුම්රියන් පිටත් වීමට සංඥා ලබා නොදී, දුම්රිය ස්ථානාධිපති වර්ජනය  දැන්  සිටම පටන් ගන්නා බව එම ලිපියේ වැඩිදුරටත් සඳහන් වේ.