ගමන්වාර 107 ක් නියාමක හා රියදුරන් නොමැති කමින් අවලංගු වෙයි

ගමන්වාර 107 ක් නියාමක හා රියදුරන් නොමැති කමින් අවලංගු වෙයි

2021 දෙසැම්බර් මාසයේ පමණක් දුම්රිය නියාමක හා රියදුරුන් නොමැති වීම මත දුම්රිය ගමන් වාර 107 ක් අවලංගු කිරීමට දුම්රිය පාලනාධිකාරිය විසින් කටයුතු කර ඇත.

එමෙන්ම මෙයට අමතරව දුර ගමන් සේවා දුම්රියයන් ධාවනය කරන බව දන්වා අදාල කාලසටහන් ප්රසිද්ධ කල ද එම කාලසටහන් නැවත අවලංගු කිරීමට ද දුම්රිය දෙපාර්තමේන්තුව විසින් කටයුතු කර ඇත. එසේ දුම්රිය ගමන් වාර 30 කට ආසන්න ප්රමාණයක් අවලංගු කොට ඇත. කෙසේ වෙතත් දුම්රිය නියාමකවරුන්ගේ හිඟයක් පවතින බව දැන දැනත් වත්මන් දුම්රිය සාමාන්යාධිකාරී විසින් දුම්රිය සාංචාරක ප්රවේශ පත්ර පරික්ෂක වරුන්ගේ රාජකාරියට අදාල වන ප්රවේශ පත් පරික්ෂා කිරීමේ රාජකාරි සඳහා අලුතෙන් නව සේවා වාරයන් ඇති කරමින් පළමුවන පංතියේ ප්රවේශපත් පරීක්ෂා කිරීම සඳහා නියාමකවරුන් යොදවා ඇත.

දුම්රිය ධාවනයට මූලිකත්වය ලබා දිය යුතුව තිබිය දී මෙසේ වෙනත් රාජකාරි අදාල නොවන පාර්ශවයන් වෙත ලබා දීමට කටයුතු කිරීම සම්බන්ධයෙන් අප සම්බන්ධයෙන් අප සංගමය ඉදිරියේ නීතිමය කටයුතු දුම්රිය සාමාන්යාධිකාරීවරයාට එරහිව ක්රියාත්මක කිරීමට බලාපොරොත්තු වන්නෙමු .

කසුන් චාමර

ලේකම් ශ්‍රී ලංකා දුම්රිය ස්ථානාධිපති සංගමය