12 දින දුන් පාස්පෝට් අයැදුම්කරුවන්ට විශේෂ දැනුම්දීමක්

12 දින දුන් පාස්පෝට් අයැදුම්කරුවන්ට විශේෂ දැනුම්දීමක්

විදේශ ගමන් බලපත්‍ර ලබා ගැනීමට අයදුම් කළ අයට ආගමන විගමන දෙපාර්තමේන්තුව විසින් විශේෂ දැනුම්දීමක් සිදුකර තිබේ.

ඒ අනුව ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ නිකුත් කළ එම නිවේදනයෙන් ඉල්ලා සිටින්නේ, අප්‍රේල් 12දා දිනයේ විදෙස් ගමන් බලපත් ලබා ගැනීම සඳහා වේලාවන් ලබා දී ඇති සියලුම අයදුම්කරුවන් එදින දහවල් 12ට පෙර පැමිණ සිය අයදුම්පත් ආගමන විගමන දෙපාර්තමේන්තුවට භාර දෙන ලෙසටය.