ලබන සඳුදා (13) දින රාජ්‍ය සේවකයින්ට විශේෂ නිවාඩුවක්

 ලබන සඳුදා (13) දින රාජ්‍ය සේවකයින්ට විශේෂ නිවාඩුවක්

ලබන සඳුදා එනම්  ජූනි 13 වන දිනය  (පොසොන් පොහොය දිනට පෙර දිනය) රජයේ කාර්යාල සේවකයින් සඳහා විශේෂ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කර තිබේ.

රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යංශයේ ලේකම්වරයාගේ අත්සනින් නිකුත් කළ නිවේදනයක් නිකුත් කරමින් කිය සිටී.

එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ,  ප්‍රවාහන ගැටලු සහ විදුලිය විසන්ධි කිරීම් ආදී ගැටලු සැලකිල්ලට ගනිමින් මෙම තීරණය ගත් බවත්, රජයේ අත්‍යාවශ්‍ය සේවාවන් වලට මෙයින් බාධිවක් නොවිය යුත් බවත්ය.