නවක වෛද්‍යවරුන් 1367 ක් සීමාවාසික පුහුණුවට

නවක වෛද්‍යවරුන් 1367 ක් සීමාවාසික පුහුණුවට

නවක වෛද්‍යවරුන් 1367 දෙනෙකු සදහා  සීමාවාසික පුහුණුව ආරම්භ කිරීමේ පත්විම් ලිපි ප්‍රදානය  (31) දින සෞඛ්‍ය අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේ දී සිදු කෙරිණි.

මෙසේ පත්වීම් ලබාගත් නවක වෛද්‍යවරුන් මුළු දිවයිනම ආවරණය වන පරිදි රෝහල් වෙත අනියුක්ත කිරිමට සෞඛ්‍ය අමාත්‍යාංශය කටයුතු යොදා ඇත.

සෞඛ්‍ය  අමාත්‍ය ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම  පත්වීම් ප්‍රදානය කිරීමේ උත්සවයේදී සෞඛ්‍ය අමාත්‍යවරයා අතින් නවක වෛද්‍යවරුන් පිරිසකට නිල වශයෙන් සීමාවාසික පුහුණුව ආරම්භ කිරීමේ පත්විම් ලිපි ලබාදිම සිදුවූ අතර, සෞඛ්‍ය අමාත්‍යාංශයේ  අතිරේක ලේකම් (වෛද්‍ය සේවා) වෛද්‍ය සුනිල් ද අල්විස්, නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් (වෛද්‍ය සේවා) I වෛද්‍ය ලාල් පනාපිටිය, තෘතීයික සත්කාර සේවා අධ්‍යක්ෂ වෛද්‍ය ප්‍රියන්ත අතපත්තු මහතා ඇතුලු සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීන් පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.