රාජ්‍ය නිලධාරින් මාර්තු 14 ලෙඩ වෙයි

රාජ්‍ය නිලධාරින් මාර්තු 14 ලෙඩ වෙයි

රාජ්‍ය හා පළාත් රාජ්‍ය සේවයේ ලක්ෂයකට අධික සංවර්ධන නිලධාරීන් ඇතුළු උපාධිධාරී නිලධාරීන්ගේ වැටුප් විෂමතාවයට හා උසස්වීම් පටිපාටිය ක්‍රියාත්මක නොකිරීම ඇතුළු ගැටළු වලට වහා විසඳුම් ලබාදෙන ලෙස ආණ්ඩුවට බල කරමින් මාර්තු මස 14 (සඳුදා) අසනීප නිවාඩු වාර්තා කිරීමේ එක් දින වෘත්තීය ක්‍රියාමාර්ගය ඇතුළු ක්‍රියාමාර්ග ගණනාවක් ක්‍රියාත්මක කිරීමට වෘත්තීය සමිති තීරණය කර ඇති බව සංවර්ධන නිලධාරී සේවා සංගමය මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.