රාජ්‍ය සේවයේ සිටින සියලුම දෙනාට විශේෂ නිවේදනයක්!

රාජ්‍ය සේවයේ සිටින සියලුම දෙනාට විශේෂ නිවේදනයක්!

සියලු ම රාජ්‍ය සේවකයන් සඳුදා (මැයි 15) සිට සේවයට පැමිණීම සහ පිටවීම සටහන් කිරීම සඳහා ඇඟිලි සලකුණු යන්ත්‍ර භාවිත කිරීම අනිවාර්ය කරමින් චක්‍රලේඛයක් නිකුත් කර ඇත.

ඒ අනුව, 2021.10.01 දිනැති 02/2021 (ම) හි 07 ඡේදයේ විධිවිධාන අද සිට ක්‍රියාත්මක කෙරෙන බව අදාළ චක්‍රලේඛයෙහි සඳහන් වෙයි.

අමාත්‍යාංශ ලේකම්වරුන්, ප්‍රධාන ලේකම්වරුන්, දෙපාර්තමේන්තු ප්‍රධානීන්, පළාත් ලේකම්වරුන්, දිස්ත්‍රික් ලේකම්වරුන්, ප්‍රාදේශීය ලේකම්වරුන් සහ සංස්ථා, ව්‍යවස්ථාපිත මණ්ඩල ප්‍රධානීන් වෙත එම චක්‍රලේඛය යොමු කර ඇත.

එම චක්‍රෙල්ඛය පහතින් දැක්වේ.