ඔබත් ගුරු අපේක්ෂාවෙන් සිටින අයෙක්ද? -18,000ක් ගුරුවරුන් ලෙස බඳවා ගැනීමට සියල්ල සූදානම්

ඔබත් ගුරු අපේක්ෂාවෙන් සිටින අයෙක්ද? -18,000ක් ගුරුවරුන් ලෙස බඳවා ගැනීමට සියල්ල සූදානම්
එලැඹෙන 21 වෙනිදා දින පාසල් විවෘත කිරීමත් සමඟම ඇතිවන අවශ්‍යතා අනුව මෑතකදී බඳවාගත් උපාධිධාරීන් එම පාසල් වෙත ගුරුවරුන් ලෙස අනුයුක්ත කිරීම කෙරෙහි රජයේ අවදානය යොමුකර ඇති බව වාර්තා වේ.
 
 මේ පිළිබඳ වැඩිදුරටත් සඳහන් කරමින් රාජ්‍ය සේවා,පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ ඒකම් ජේ.ජේ.රත්නසිරි මහතා ප්‍රකාශ කර ඇත්තේ වත්මන් රජය විසින් රාජ්‍ය සේවය සඳහා උපාධිධාරීන් 53,000ක් අලුතින් බඳවා ගනු ලැබූ අතර ,ඔවුන්ට වසරක පුහුණුවක්ද ලබා දෙමින් තිබෙන බවයි.
 
ඉන් 18,000ක්ම රජයේ උපාධිධරී ගුරුවරුන් ලෙස පත්කිරීමට කටයුතු මේවනවිට සූදානම්කර ඇති බවත් ඒ මහතා සඳහන් කළේය.
 
තවද අධ්‍යාපන අමාත්‍යාංශය ඉල්ලා සිටින්නේ නම් තවත් උපාධිධාරීන් අවැසි සක්‍යාවක් වුවද ලබාදීමට හැකියාව ඇති බවත් ලේකම්වරයා පැවසීය.
 
පාසල් ආරම්භවීම අදියර 4ක් යටතේ සිදුකිරීමට නියමිතවන අතර සිසුන් 200කට අඩු පාසල් 3,000ක් එළැඹෙන 21 වෙනි දින ආරම්භකිරීමට කටයුතු යොදා ඇති බවත් හෙතෙම සිහිපත් කළේය.