සෞඛ්‍ය කාර්යමණ්ඩලයට උපහාර උත්සවයට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් කැඳවා නෑ

සෞඛ්‍ය කාර්යමණ්ඩලයට උපහාර උත්සවයට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් කැඳවා නෑ

කොවිඩ් 19 එන්නත්කරණයට අවුරුද්දක් සම්පූර්ණවීම නිමිතිකොටගෙන කොවිඩ් 19 රෝග පාලන කටයුතු සඳහා කැපවීමෙන් ක්‍රියාකළ සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීන්ට උපහාර දැක්වීමේ උත්සවයක් පසුගියදා එම අමාත්‍යාංශයේදී පැවැත්වුණා. නමුත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ඒ සඳහා කැඳවා නැති බවයි වාර්තා වන්නේ.

පසුගිය සෙනසුරාදා (ජනවාරි මස 29 වැනි දින) සුවසිරිපාය සෞඛ්‍ය අමාත්‍යාංශ පරිශ්‍රයේ සෞඛ්‍ය අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණු මෙම උත්සවයට (කළින් ප්‍රකාශකර තිබුණේ මේ සඳහා අගමැතිවරයා සහභාගීවන බවයි) සහභාගීවීමට අමාත්‍යාංශයේ විවිධ අංශ වලින් නිලධාරීන් පස් දෙනෙකු බැගින් යොමුකරන ලෙස නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් (පාලන) 1 විසින් මෙමෝ පතක් මගින් දැනුම්දී තිබුණා. නමුත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් අනියුක්ත අංශයේ ප්‍රධානියා ලෙස කටයුතු කරන නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා ඒ සඳහා තමන් ඇතුළුව එම අංශයේ තවත් වෛද්‍යවරියක්, ලිපිකාරිණියක්, සහ කාර්යාල කාර්ය සහායකවරුන් දෙදෙනෙක් පමණක් සහභාගීවී ඇති බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා පවසනවා.

කොවිඩ් වසංගත තත්ත්වය ආරම්භවූ දින සිට සෞඛ්‍ය අමාත්‍යාංශයට අනියුක්තව සේවය කරන මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් දෙදෙනා අමාත්‍යාංශයේ කාර්යමණ්ඩලය සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින් කොවිඩ් රෝගයෙන් ආරක්ෂා කරගැනීම සඳහා දිවා රෑ නොබලා කටයුතු කලබවත්, සේවා අවශ්‍යතා මත ගුවන් තොටුපොළ සහ කොළඹ මහා නගර සභාවේ කොවිඩ් රෝග මර්ධන කටයුතු වලද නියුතුවූ බවත් පෙන්වාදෙන උපුල් රෝහණ මහතා එවැනි තත්වයක් තුල ඔවුන්ට මෙසේ කෙණෙහිලිකම් කිරීම කණගාටුදායක තත්වයක් බව පවසනවා.

මින් පෙරද මෙම මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් දෙදෙනාව විධිමත් පරිපාලන ක්‍රමවේද වලින් බැහැරව අත්තනෝමතික ආකාරයෙන් ස්ථාන මරු කිරීමට මෙම නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා උත්සාහ කර තිබෙනවා. උපුල් රෝහණ මහතා වැඩි දුරටත්ත ප්‍රකාශ කරන්නේ තම සංගමයේ මැදිහත්වීමෙන් එම ප්‍රයත්නය අසාර්ථකවීම නිසා අදාළ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා මේ ආකාරයෙන් අදාළ නිලධාරීන් සමග උරණවී කටයුතු කරනවාද යන සැකය මතුවන බවයි.

Calling letter

Nominations