බස්නාහිර පළාත වසා දමා තවත් ප්‍රදේශ කීපයකටත් නිරෝධායන ඇදිරි නීතිය දික් කරයි

බස්නාහිර පළාත වසා දමා තවත් ප්‍රදේශ කීපයකටත් නිරෝධායන ඇදිරි නීතිය දික් කරයි

හෙට (02) උදෑසන 5.00 සිට නොවැම්බර් 09 දක්වා තවදුරටත් බස්නාහිර පළාතට නිරෝධායන ඇදිරි නීතිය පැනවෙන බව යුද හමුදාපති ලුතිතන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා විශේෂ ප්‍රකාශයක් කරමින් අද (01) පැවැසීය.

රත්නපුර දිස්ත්‍රික්කයේ ඇහැළියගොඩ පොලිස් වසම,කුරුණෑගල නගර සභා ප්‍රදේශය,කුළියාපිටිය පොලිස් වසම හෙට (2) පෙ.ව 5.00 සිට නොවැම්බර් 9.00 පෙ.ව 5.00 දක්වා නිරෝධායන ඇදිරි නීතිය පැනවෙයි.

කොවිඩ් වසංගතයෙන් ජනතාව ආරක්ෂා කරගැනීමට මෙම පියවර ගත් බවත් මෙම නිරෝධායන ඇදිරි නීතිය ක්‍රියාත්මක වන කාලය තුළ නිවාස තුළම රැදී සිටින ලෙස ද යුද හමුදාපතිවරයා ඉල්ලා සිටියේ ය.

වැඩබිම