අභ්‍යාසලාභී උපාධිධාරීන්ගේ පත්වීම් ගැටළුව යලිත් කරලියට එයි

අභ්‍යාසලාභී උපාධිධාරීන්ගේ පත්වීම් ගැටළුව යලිත් කරලියට එයි

උපාධිධාරීන් රැකියාගත කිරීමේ වැඩපිළිවෙළ යටතේ අභියාචනා යොමුකළ උපාධිධාරීන්ගෙන් පිරිසකගේ නාම ලේඛනයක් 2020. 11. 23 දින රාජ්‍ය සේවා පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය මගින් නිකුත් කරන ලදී. අභියාචනා යොමුකර ඇති මුළු ප‍්‍රමාණය 17,000 කට ආසන්න වන අතර අභියාචනා මගින් 11.23 දිනට විසඳුම් ලැබී ඇත්තේ 3,500 කට ආසන්න ප්‍රරමාණයකටය. අභියාචනා යොමුකළ තවදුරටත් විසඳුමක් ලැබිය යුතු උපාධිධාරීන් බොහෝ පිරිසක් වෙති.

  • 11.23 රාජ්‍ය සේවා අමාත්‍යාංශයේ නිවේදනය අනුව නොබෝ දිනකින් නිකුත් කිරීමට නියමිත නාම ලේඛනය.
  • ඌන සේවා ඇතුළු තවදුරටත් ඉවත්කර ඇති උපාධිධාරීන්ගේ ගැටළුව.
  • දෙවන අදියරේ තෝරාගන්නා සියළුම නම් ප්‍රරසිද්ධ කිරීම හා අදාළ පුහුණුව එකම කණ්ඩායමක් ලෙස එක දිනක ආරම්භ කිරීම.
    ඇතුළු ගැටළු සාකච්ඡා කිරීම සඳහා 11. 25 දින පෙ.ව. 10.00 ට උපාධිධාරී ජාතික මධ්‍යස්ථානය, රැකියා විරහිත උපාධිධාරී සංගමය, බාහිර උපාධි සුරැකීමේ සංවිධාන එකමුතුව, ඌන සේවා උපාධිධාරී සංගමය යන සංවිධාන නියෝජිතයින් රාජ්‍ය සේවා පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශ බලධාරීන් හමුවීමට කටයුතු කිරීමට නියමිතව ඇත.

වැඩබිම