විද්‍යාපීඨ ඩිප්ලෝමාධාරීන් අධ්‍යාපන අමාත්‍යංශය ඉදිරිපිට විරෝධතාවයක

Previous Next

අධ්‍යාපන විද්‍යාපීඨ ඩිප්ලෝමාධාරීන් 3500කට පත්වීම් ලබා දීම සඳහා අධ්‍යාපන අමාත්‍යංශය පසුගිය 10 වෙනිදා හඳුන්වාදුන් online ක‍්‍රමය නිසා මතුව ඇති ගැටලුවලට විසඳුම් ලබා දෙන ලෙස ඉල්ලා විද්‍යාපීඨ ඩිප්ලෝමාධාරීන් ඊයේ (17) අධ්‍යාපන අමාත්‍යංශය ඉදිරිපිට විරෝධතාවය නිරත විය.

විද්‍යාපීඨ ඩිප්ලෝමාධාරීන්ගේ මෙම විරෝධතාවයට ලංකා ගුරු සේවා සංගමය විසින් මෙම විරෝධතාවය සංවිධානය කර තිබුණි.

2016-2018 විද්‍යාපීඨ ඩිප්ලෝමාධාරීන් 3500ක් පමණ සිටින බවත් online ක‍්‍රමයට බඳවා ගැනීමේදී ඔවුන්ට මතුව ඇති ගැටලුවලට ඉතා කඩිනමින් විධිමත්ව විසඳුම් ලබා දෙන ලෙසයි.

මීට අමතරව කොරෝනා වසංගතය හමුවේ බිඳවැටි ඇති පාසල් අධ්‍යාපනය නැවත ආරම්භ කිරීමටත් පාසල්වල පවතින ගුරු හිගයට පිළියමක් ලෙසත් මෙම අධ්‍යාපන විද්‍යාපීඨ ඩිප්ලෝමාධාරීන්ට ගුරු පත්වීම් ලබාදීමට කටයුතු කරන ලෙසත් මෙම විරෝධතාවයේ ඉල්ලීම් විය.