පෞද්ගලික අංශයේ වැටුප් ගෙවීමේ සහන කාලය මාර්තු මස දක්වා දීර්ඝ කිරීමට කැබිනට් අනුමැතිය

පෞද්ගලික අංශයේ වැටුප් ගෙවීමේ සහන කාලය මාර්තු මස දක්වා දීර්ඝ කිරීමට කැබිනට් අනුමැතිය

කොරෝනා වසංගතය හේතුවෙන් පෞද්ගලික අංශයේ සේවකයින්ට වැටුප් ගෙවීම සම්බන්ධයෙන් එකඟව වූ සහන කාලසීමාව මාර්තු මස අවසානය දක්වා සහනයක් වශයෙන් දීර්ඝ කර තිබේ.

ඒ විෂයභාර අමාත්‍යවරයා විසින් අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇත.

කොවිඩ් 19 වසංගත තත්ත්වය හේතුවෙන් පෞද්ගලික අංශයේ සේවකයින්ට වැටුප් ගෙවීම සම්බන්ධයෙන් සේවා යෝජකයින්, සේවක වෘත්තීය සමිති, ජාතික කම්කරු උපදේශක සභාව, කම්කරු අමාත්‍යාංශය සහ කම්කරු දෙපාර්තමේන්තුවේ සහභාගීත්වයෙන් ස්ථාපිත කර ඇති කාර්ය සාධක බලකා රැස්වීමේදී මෙම යෝජනාව ඉදිරිපත් කර ඇති අතර ඒ අනුවයි විෂයභාර අමාත්‍යවරයා අදාළ යෝජනාව අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කරනු ලැබීය.

සේවකයින් නිවෙස්වල රැඳී සිටිය යුතු වන්නේ නම් අවසාන වරට සම්පූර්ණ වැටුප ගෙවන ගද මාසික වැටුපෙන් 50%ක් හෝ රු: 14,500/=ක මුදලින් වඩා වාසිදායක මුදල ලබාදීම සහ එම වැටුප සඳහා සේවායෝජක විසින් සේවක අර්ථසාධක අරමුදලට හා සේවක භාරකාර අරමුදලට දායක මුදල් ගෙවීම යනාදී සහන 2020 දෙසැම්බර් මස 31 දින දක්වා ලබාදීමට එකඟතාවන් ඇති කරගෙන ඇත.