ගුරුවරු බඳවා ගැනීමේදී ප්‍රමුඛත්වය දෙන කරුණු ගැන සඳහනක්

ගුරුවරු බඳවා ගැනීමේදී ප්‍රමුඛත්වය දෙන කරුණු ගැන සඳහනක්

ක්‍රීඩා ගුරුවරු බඳවා ගැනීමේ දී ජාතික හා ජාත්‍යන්තර ජයග්‍රහන ලබා ගත් අයට ප්‍රමුඛතාවය ලබාදී බඳවා ගැනීමට ඉදිරියේ දී කටයුතු කරන බව ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පවසයි.

මේ සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යවරයා ද එකඟවී ඇති බව කී අමාත්‍යවරයා, පළාත් සභාවලින් ද මේ පිළිබඳ ඉල්ලීමක් කළ බවත් අද (10) ජනමාධ්‍ය අමාත්‍යාංශයේ පැවැති රැස්වීමක දී පැවසීය.

ඒ අනුව ඉදිරියේ දී මෙම ජයග්‍රහන ලැබූ අයට පාසල් පද්ධතියේ සහ අනෙකුත් ආයතනවල ක්‍රීඩා පුහුණුකරුවන් ලෙස කටයුතු කිරීමට හැකියාව ඇති වන බවද අමාත්‍යවරයා පැවසි ය.