කොළඹ වරායේ බටහිර ජැටිය සංවර්ධනය කිරීමට අදානි සමාගමට

cabinet-decisions

කොළඹ වරායේ බටහිර පර්යන්තය සංවර්ධනය කිරීම සඳහා ආයෝජකයෙක් නම් කරන ලෙස ජපාන රජයෙන් කළ ඉල්ලීමට එම රජය ප්‍රතිචාර දක්වා නොමැති බව වාර්තා වේ. ඉදිකර මෙහෙයුම්කර පවරාදීමේ (BOT) ගිවිසුම් සහ යෝජනා ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයට සහ ජපාන තානාපති කාර්යාලයට යොමුකර ඒ අනුව ආයෝජකයින් නම් කරන ලෙස එම ඉල්ලීම කර තිබුණි.

ඒ අනුව අදානි පොර්ට්ස් සහ ස්පෙෂල් ඉකොනොමික් සෝන් ලිමිටඩ් ඉදිරිපත්කළ යෝජනාව සඳහා ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ එකඟතාව ලැබී තිබේ.එම සමාගමේ දේශීය නියෝජිතයා වන්නේ ජෝන් කීල්ස් හොල්ඩින් පීඑල්සී සමාගමය.

අදානි සමාගම, ජෝන් කීල්ස් සහ ශ්‍රී ලංකා වරාය අධිකාරිය එක්ව රාජ්‍ය - පෞද්ගලික ව්‍යාපාරයක් ලෙස කොළඹ වරායේ බටහිර පර්යන්තය සංවර්ධනය කිරීමට තීරණය කර ඇත.එහි ගිවිසුම් කාලය වසර 35කි. කැබිනට් මණ්ඩලය වෙත මෙම යෝජනාව ඉදිරිපත් කරනු ලැබ ඇත්තේ, වරාය හා නාවික අමාත්‍යවරයා විසිනි.