කෝවිඩ් නිසා රැකියාව අහිමි වුණා නම් තොරතුරු එවන්න

nimal-siripla-silva

 කොව්ඩ් නිසා රැකියා අහිමි අය ගැන සංගණනයක්.

පසුගිය covid 19 වසංගත සමයේ ස්වකීය රැකියාවට යාමෙි අපහසුතා හේතුවෙන් හෝ  අදාල ආයතනය විසින් ඉවත් කිරීම හේතුවෙන්  හෝ කොවිඩ් වසංගත සමයේ පැවති වෙනත් අපහසුතා හේතුවෙන් ස්වකීය රැකියා  අහිමි වූ පෞද්ගලික අංශයේ  රැකියාවල නියුතු වූවන් පිළිබඳ  තොරතුරු කම්කරු දෙපාර්තමේන්තුවට ලබා දෙන ලෙස කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා ඉල්ලා සිටී.

covid 19 වසංගතය ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ සේවක සේවිකාවන්ට කළ බලපෑම් පිළිබඳව තොරතුරු හා දත්ත එක්රැස් කිරීමේ සහ ඒ පිළිබඳව ලබාදිය හැකි යම් සහනයක් වේ නම් ඒ පිළිබඳව ඉදිරියේදී ක්‍රියාත්මකවීම අරමුණින් මෙම සංගණනය සිදුකරන බව අමාත්‍යවරයා පවසයි.

ඒ අනුව ස්වකීය රැකියා අහිමි වූ අය තම නම, ලිපිනය, දුරකතන අංකය, සේවය කරන  ලද ස්ථානයේ ලිපිනය,සේවයෙන් ඉවත් කළ දිනය,එහි සේවා කාලය සහ අවසන් වරට ලැබූ මූලික වැටුප් යනාදිය පිළිබඳ තොරතුරු කම්කරු කොමසාරිස් (කාර්මික සබඳතා අංශය )11මහල, මෙහෙවර පියස කොළඹ 05 යන ලිපිනයට යොමු කරන ලෙස කම්කරු කොමසාරිස් ජනරාල් නීතිඥ ප්‍රභාත් චන්ද්‍රකීර්ති මහතා ඉල්ලා සිටි.2021 අප්‍රේල් පළමු වන දිනට ප්‍රථම මෙම තොරතුරු එවන ලෙසත් වැඩිදුර විස්තර   2368502 දුරකථන අංකයෙන් ලබාගත හැක.

 (Cette adresse e-mail est protégée contre les robots spammeurs. Vous devez activer le JavaScript pour la visualiser.) ඊමේල් ලිපිනයට ද තොරතුරු එවිය හැකි බව ද  කොමසාරිස් ජනරාල්වරයා පවසයි.