මහාචාර්ය නීලිකා මලවිගේ වෛද්‍ය වෘත්තීකයින්ගේ ඇගයුමට

Prof Neelika Malavige

වෛද්‍ය රසායනාගාර විද්‍යාඥ වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ වාර්ෂික සමුළුව පසුගියදා කොළඹ ජයික් හිල්ටන් හෝටලයේ දී පැවැත්විණි. කොවිඩ් පාලනය පිළිබඳ රාජ්‍ය අමාත්‍ය වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මැතිණියගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුනු එම සමුළුවේදී, කොවිඩ් පාලනය සඳහා ශ්‍රි ලංකාවේ වෛද්‍ය රසායනාගාර යාන්ත්‍රණය වැඩි දියුණු කළ යුතු ආකාරය පිළිබඳව දේශීය සහ විදේශීය ප්‍රවීණයන්ගෙන් යුතු මඩුල්ලක් විසින් සාකච්ඡාවට බඳුන් කරන ලදී.

වසරකට වැඩි කාලයක් දිවා රෑ නොබලා අඛණ්ඩව කාලයක් ඉතා කැපවීමෙන් වැඩ කරමින් කොරෝනා මර්දනය සඳහා සුවිශාල දායකත්වයක් දැක්වූ, වෛද්‍ය රසායනාගාර එහිදී ඇගයුමට ලක් කරන ලදී. වැඩිම ප්‍රමාණයක් PCR පරීක්ෂණ සිදු කරමින් දායකත්වය දැක්වූ බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලේ PCR රසායනාගාරයත්, වෛද්‍ය පර්යේෂණ ආයතනයත් ඇගයුමට ලක් විය.

එසේම, සෞඛ්‍ය අමාත්‍යාංශයෙහි විශාල අඩු පාඩුවක්ව පැවති කොරෝනා පර්‍යේෂණ ක්‍රියාවලිය පණ ගන්වමින්, කොවිඩ් ප්‍රභේද හදුනා ගැනීම සදහා දැක්වූ සුවිශේශී දායකත්වයක් වෙණුවෙන්, ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ "ඩෙංගු පර්යේෂණ රසායනාගාරය" මෙහිදී විශේෂ ඇගයුමට ලක් විය.

එහිදී එම රසායනාගාරයේ ප්‍රධානී මහාචාර්ය නීලිකා මලවිගේ මහත්මිය වෛද්‍ය රසායනාගාර විද්‍යාඥ වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති රවි කුමුදේශ් මහතාගේ අතින් ඇගැයුමට ලක්වන ආකාරය ඡායරූපයේ දැක්වේ