රාජ්‍ය සේවයේ එක් අංශයක දීමනා වැඩි කිරීමේ තීරණයක්

රාජ්‍ය සේවයේ එක් අංශයක දීමනා වැඩි කිරීමේ තීරණයක්

ග්‍රාම නිලධාරීන්ගේ නිල ඇඳුම් දීමනාව රුපියල් 10,000 හෝ 15,000 දක්වා වැඩි කිරීමට කටයුතු කරන බව ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය චමල් රාජපක්‍ෂ පවසයි.

ඒ සඳහා ආයතන අධ්‍යක්‍ෂ ජනරාල්වරයාගේ අනුමැතිය ඉල්ලා ඇති බවත්, ඉදිරියේදී එය සිදුවනු ඇතැයිද රාජපක්‍ෂ මහතා සඳහන් කළේය.

ග්‍රාම නිලධාරීන් සඳහා කොවිඩ් _ 19 ඇතුළු විශේෂ අවස්ථාවලදී විශේෂිත දීමනා ලබාදී ඇති බවත් කොවිඩ් උග්‍ර සමයේ මාසික ඉන්ධන දීමනාව රුපියල් 450ක්ද වැඩ බැලීම සඳහා රුපියල් 400ක්ද සන්නිවේදන දීමනාව ලෙස රුපියල් 1000ක් ස්ථිර හා වැඩ බලන ලෙසත්, ගමන් වියදම් දීමනාව ලෙස දැනට දෙන රුපියල් 600 දීමනාව රුපියල් 1200 දක්වා වැඩිකර ස්ථිර හා වැඩ බලන වසම් සඳහා වෙන වෙනම ලබාදීම සිදු කරන බවයි.