ලංගම සතු ඉඩම ප්‍රාදේශීය සභාවට පවරාගැනීමට එරෙහි කඩිනම් මැදිහත්වීමක් ඉල්ලයි

ලංගම සතු ඉඩම ප්‍රාදේශීය සභාවට පවරාගැනීමට එරෙහි කඩිනම් මැදිහත්වීමක් ඉල්ලයි
වැලිමඩ ශ්‍රී ලංගම බස්ගාල පිහිටි ශ්‍රී ලංගම සතු ඉඩම වැලිමඩ ප්‍රාදේශීය සභාවට පවරා ගැනීමේ ක්‍රියාවලිය වැලැක්වීමට කඩිනමින් මැදිහත් වන ලෙස ඉල්ලා සිටිමින් සමස්ත ලංකා ප්‍රවාහන සේවක සංගමය විසින් ජනමාධ්‍ය නිවේදනයක් නිකුත්කර තිබේ.
 
සම්පූර්ණ නිවේදනය පහතින්..
 
2021.04.05
 
ශ්‍රී ලංගම ගරු සභාපති,
කිංස්ලි රණවක මැතිතුමා,
ශ්‍රී ලංගම ප්‍රධාන කාර්යාලය,
නාරහේන්පිට,
කොළඹ 05.
 
ගරු සභාපති තුමණි,
 
වැලිමඩ ශ්‍රී ලංගම බස්ගාල පිහිටි ශ්‍රී ලංගම සතු ඉඩම වැලිමඩ ප්‍රාදේශීය සභාවට පවරා ගැනීමේ ක්‍රියාවලිය වැලැක්වීමට කඩිනමින් මැදිහත් වන ලෙස ඉල්ලා සිටීම.
 
වැලිමඩ ශ්‍රී ලංගම බස්ගාල පිහිටි ශ්‍රී ලංගම සතු ඉඩම අනාදිමත් කාලයක පටන් ශ්‍රී ලංගමයේ තනි අයිතිය හිමි ඉඩමකි. මෙම ඉඩම වැලිමඩ ප්‍රාදේශීය සභාවට පවරා ගැනීමේ ශ්‍රී ලංගම විරෝධී ක්‍රියාවලියක් මේ මොහොතේ සිදුවෙමින් පවතී. වැලිමඩ ප්‍රාදේශීය සභාවේ මහා සභාව මෙම ඉඩම ප්‍රාදේශීය සභාවක පවරා ගැනීම සඳහා මහා සභාව අනුමත කර ඇති බවට අප සංගමයට තොරතුරු ලැබී ඇත. එසේ වැලිමඩ ප්‍රාදේශීය සභාවේ මහා සභාව අනුමත කළත් එම ඉඩම ඔවුනට අයිති කර ගැනීමට කිසිසේත්ම හැකියාවක් නැත.
 
අප වෘතීය සමිතිය සේවාවක් කරනු ලබන ශ්‍රී ලංගමය සතු සීමිත ඉඩම් බාහිර ආයතන විසින් අත්පත් කර ගැනීමේ උත්සාහයට දැඩි විරෝධය පලකරනු ලබන අතර එම උත්සාහය වැලැක්වීම සඳහා ගතහැකි සෑම ක්‍රියාමාර්ගයක්ම ගැනීමට සූදානම්ය. ශ්‍රී ලංගම ශක්තිමත් කරන ක්‍රියාවලිය අනුමත කරන කිසිවෙකුට මෙම ඉඩම අන්සතු කිරීම කිසිසේත්ම අනුමත කළ නොහැක.
 
ගරු සභාපති තුමණි, මෙම ක්‍රියාවලිය පිළිබඳව කැප්පෙටිපොළ ශ්‍රී ලංගම ඩිපෝවේ සේවකයින් මේ මොහොතේ බලවත් නොසන්සුන් තාවයකට පත්වී ඇති අතර ඇතැම් විට වෘතීය ක්‍රියාමාර්ගයන් වලට යෑමට පවා බොහෝ දුරට ඉඩකඩ ඇත. එම නිසා ඔබතුමා මැදිහත් වී මෙම ක්‍රියාව වලක්වා වැලිමඩ ශ්‍රී ලංගම බස් ගාල පිහිටි ශ්‍රී ලංගම සතු ඉඩම ශ්‍රී ලංගමයටම යලි පවරා ගෙන එම ඉඩම ආරක්‍ෂා කර දීමට කඩිනමින් මැදිහත් වන ලෙස අප සංගමය ඔබතුමාගෙන් ගෞරවයෙන් ඉල්ලා සිටින්නෙමු.
 
ස්තූතියි.
 
මෙයට,
විශ්වාසී,
සේපාල ලියනගේ
ප්‍රධාන ලේකම්,
සමස්ත ලංකා ප්‍රවාහන සේවක සංගමය.
 
 
දැනුවත් වීම සඳහා - පිටපත්:
1. ශ්‍රී ලංගම ගරු විධායක නිලධාරී මහේෂ් මැතිතුමා
2. ජා.වෘ.ස.ම. - සභාපති ලාල්කාන්ත මැතිතුමා
3. ඌව පළාත් සභා ගරු ආණ්ඩුකාර තුමා
4. ඌව පළාතේ පළාත් පාලන ගරු කොමසාරිස් තුමා
5. දිස්ත්‍රික් පළාත් පාලන ගරු සහකාර කොමසාරිස් තුමා
 බදුල්ල
6. ශ්‍රී ලංගම ඌව ප්‍රාදේශීය කලාප ප්‍රධාන කළමණාකාර
සේවක සංගමය තුමා
7. ගරු ඩිපෝ කළමණාකාරතුමා - කැප්පෙටිපොල ඩිපෝව
 

8. ශ්‍රී ලංගම සියලූම වෘතීය සමිති වෙත.