කම්කරු කාර්යාලවලට පැමිණෙන අයට විශේෂ දැනුම්දීමක්

කම්කරු කාර්යාලවලට පැමිණෙන අයට විශේෂ දැනුම්දීමක්
කම්කරු කාර්යාලයේ ප්‍රධාන කාර්යාලයට සහ පළාත්/දිස්ත්‍රික් කාර්යාල සඳහා පැමිණෙන සේවාලාභීන් සීමා කිරීමට එම දෙපාර්තමේන්තුව විසින් තීරණය කර තිබේ.
 
පවතින කොවිඩ් -19 වෛරස ව්‍යාප්තිය පාලනය කිරීමේ අවශ්‍යතාවය එම තීරණය ගත් බව කම්කරු කොමසාරි ජනරාල් බී.කේ ප්‍රභාත් චන්ද්‍රකීර්ති මහතා පවසයි.
 
සේවක අර්ථ සාධක අරමුදල් ප්‍රතිලාභ ලබාගැනීම සඳහා ප්‍රධාන කාර්යාලයට පැමිණෙන සේවාලාභීන් දෙපාර්තමේන්තු වෙඩ් අඩවියට පිවිස ඒ සඳහා දිනයක් හා වේලාවක් වෙන් කරවා ගෙන තම සේවාවන් ලබා ගැනීමට කටයුතු කරන ලෙස නිවේදනයක් නිකුත් කරමින් ඒ මහතා සඳහන් කර ඇත.
 
පළාත් සහ දිස්ත්‍රික් කම්කරු කාර්යාලය සඳහා සේවක අර්ථසාධක අරමුදල් ප්‍රතිලාභ ලබාගැනීමට පැමිණෙන සේවාලාභීන් එම කාර්යාලවලට අදාළ දුරකථන අංක ඔස්සේ අමතා දිනයක් හා වෙලාවක් වෙන්කර ගැනීමට කටයුතු කරන ලෙස කම්කරු දෙපාර්තමේන්තු දන්වා සිටී.
 
ඒ සම්බන්ධයෙන් නිකුත් කළ සම්පූර්ණ නිවේදනය පහතින් දැක්වේ.
 
89
 
8902