රාජ්‍ය සේවකයින් අතර කොවිඩ් පැතිරීම අවම කිරීමේ චක‍්‍රලේකයේ හිඩැස් රැසක්

රාජ්‍ය සේවකයින් අතර කොවිඩ් පැතිරීම අවම කිරීමේ චක‍්‍රලේකයේ හිඩැස් රැසක්
Covid-19 වෛරස ව්යාප්තිය රාජ්ය සේවකයින් අතර පැතිරීම අවම කිරීම සඳහා නිකුත් කළ 02/2021(i) රාජ්ය පරිපාලන චක්රලේඛයේ හිඩැස් රැසක් ඇති බව සංවර්ධන නිලධාරී සේවා සංගමයේ ප්රධාන ලේකම් චන්දන සූරියආරච්චි මහතා  ආණ්ඩුවට පෙන්වා දෙයි.
 
ඒ මහතා විසින් ලිඛිතව ඉදිරිපත් කළ සම්පූර්ණ ලිපිය පහතින් වෙයි.
 
 
2021.05.03
ලේකම්,
රාජ්ය සේවා, පළාත් සභා හා පළාත් පාලන අමාත්යාංශය,
නිදහස් චතුරසරය,
කොළඹ 07.
 
ලේකම්තුමනි,
 
Covid-19 වෛරස ව්යාප්තිය රාජ්ය සේවකයින් අතර පැතිරීම අවම කිරීම සඳහා නිකුත් කළ 02/2021(i) රාජ්ය පරිපාලන චකරලේකයේ හිඩැස් රැසක්.
 
‘‘රාජ්ය සේවය බාධාවකින් තොරව පවත්වාගෙන යාම’’ උධෘත යටතේ 2021.04.27 දිනැතිව නිකුත් කර ඇති 02/2020(i) චකරලේකය හා බැඳේ.
 
එම චකරලේඛය අමාත්යාංශ ලේකම්වරුන්, දෙපාර්තමේන්තු පරධානීන්, දිස්තරික් හා පළාත් ලේකම්වරුන්, පරාදේශීය ලේකම්වරුන් හා අර්ධ රාජ්ය ආයතන සභාපතිවරුන් ඇතුළු ආයතන පරධානීන් අමතමින් නිකුත් කර ඇති අතර චකර ලේඛය පිළිබඳ ඇතැම් ආයතන පරධානීන් නිසි අවධානය 2021.05.03 දින දක්වා ද යොමු කර නොමැති බව කරුණු වාර්තා වෙමින් පවතී.
 
රටතුළ උද්ගතව ඇති Covid-19 කොරෝනා වෛරසයට අදාළ 3 වන රැල්ලේ ව්යාප්තය පෙර එක හා දෙක රැළි වලට වඩා වේගවත් හා දරුණු බව සෞඛ්ය අංශ බලධාරීන් දිගින් දිගටම වාර්තා කරමින් පවතී.
 
අද වනවිට මෙම රැල්ල අලූත් අවුරුදු පොකුර ලෙස හඳුන්වා ඇතත් එවැනි තත්වයක් නිර්මාණය වූයේ ආණ්ඩුව ඇතුළු වගකිව යුතු පාර්ශවයන් අදාළ කොන්දේසි ලිහිල් කරමින් ජනතාවට නිදහසේ කටයුතු කිරීමට ඉඩ හැරීමෙන් බව නොරහසකි.
 
2021.04.27 දින නිකුත් කළ චකරලේඛය මඟින් මෙවැනි වේගවත් ව්යාප්තියක් සහිත Covid-19 වෛරස් ව්යාප්තිය අවම කිරීම හා රාජ්ය සේවකයන් අතර පැතිරීම වැළැක්වීම අරමුණුකර ගත්තද ඇතැම් ආයතන පරධානීන් එම අරමුණෙන් බැහැරව කටයුතු කරන ආකාරයක් දක්නට ඇත.
 
02) 2021.05.03 දින වන විටත් ඇතැම් දිස්තරික් හා පරාදේශීය ලේකම් කාර්යාලවල 100% කාර්ය මණ්ඩල කැඳවීම හා ඇතැම් කාර්යාලවල සදුදා මහජන දිනයැයි පවසමින් සියලූම කාර්ය මණ්ඩල කැඳවීම දක්නට ලැබුණි. කොරෝනා වෛරසයට දින හා වේලාවන් අදාළ නොවන බව සැලකිල්ලට ගත යුතුව ඇත.
 
03) කාර්යාලයට වාර්තා කිරීම හා පිටවීම පිළිබඳ අවධානය යොමු නොකිරීම. සාමාන්ය පරිදි දුම්රිය හා පෞද්ගලික බස්රථ ධාවනය නොවීම, ආසන ගණනට මගීන් පරවාහනය කිරීම වැනි මාර්ගෝපදේශයන් සමඟ රජයේ නිල වාහන නොලැබෙන සාමාන්ය රාජ්ය සේවකයින් මේ තත්වය තුළ සේවයට වාර්තා කිරීමේ දී පැමිණීමේ හා පිටවීමේ පරමාදයන් පිළිබ ඳ සහනයන් ලබාදීම චකරලේකය මඟින් දක්වා නොතිබීම.
 
04) 2020.04.29 දිනැති රාජ්ය පරිපාලන චකරලේක 01/2020 මඟින් ගර්භනී සහ මව්කිරි දෙන නිලධාරිනියන් මෙවැනි කාලසීමා තුළ සේවයට කැඳවීමේ දී අනුගමනය කළ යුතු සහනශීලි පිලිවෙත් සඳහන් කර තිබුණද 2021/04/27 දින නිකුත් කළ රාජ්ය පරිපාලන චකරලේක 02/2021(i) චකරලේකයේ ගර්භනී හා මව්කිරි දෙන නිලධාරිනියන් පිළිබඳ කිසිදු සඳහනක් ලබා නොදීම.
05) ස්ථීර, අනියම්, ආදේශක, තාවකාලික වශයෙන් රාජ්ය සේවකයින් පිළිබඳ විශේෂ හැඳින්වීමක් 02/2021(i) රාජ්ය පරිපාලන චකරලේකයේ නොමැති කම නිසාම ඇතැම් ආයතන චකරලේඛයේ නොමැති කම නිසාම ඇතැම් ආයතන පරධානීන් යම් පිරිසකට පමණක් මෙම කරමවේද අනුගමනය කිරීමට උත්සහ කරන බවක් පෙනී යයි. උදා:- උක්ත චකරලේඛය පාදක කර ගනිමින් 2021/04/29 දින කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අතිරේක අධ්යක්ෂ ජනරාල්වරයාගේ අත්සනින් නිකුත් කර ඇති කරමවේදයේ ‘‘විධායක නිලධාරීන් හැර සියලූම ස්ථීර සේවයේ නියුතු නිලධාරීන් සම්බන්ධයෙන් මෙම කරමවේදය අදාළ කරගත යුතුය.’’ යන්න තුළ අභ්යාසලාභී උපාධිධාරීන් ඇතුළු ස්ථීර නොවූ පිරිස් සඳහා එම කරමවේද අදාළ නොවන බව ගම්ය කර ඇත.
 
අප කාගේත් උත්සහය රට අවධානම් තත්වයකට පත්වීම වළක්වා ගැනීමයි. උක්ත චකරලේඛයේ අමුණත් එය බව පැහැදිලිය. නමුත් එම චකරලේඛය කරියාවට නැංවීමේ දී මතු වී ඇති පරායෝගික ගැටළු අවධානය පිණිස යොමු කරනු ලබන්නේ සමස්ථ රාජ්ය සේවකයින්ගේම ආරක්ෂාව සඳහාය. එම නිසා උක්ත චකරලේඛය පසු විපරම් කිරීම සඳහා ද වැඩ පිළිවෙලක් සකස් කරන මෙන් ද අදාළ චකරලේඛය විධිමත්ව කරියාවට නැංවීම පිළිබඳව ද කඩිනම් අවධානය යොමු කරමු.
 
ස්තූතියි.
 
මෙයට,
රධාන ලේකම්
චන්දන සූරියආරච්චි
සංවර්ධන නිලධාරී සේවා සංගමය