දීපව්‍යාප්තව සංචරණ සීමා පැනවීම ගැන අලුත් නිවේදනය මෙන්න

දීපව්‍යාප්තව සංචරණ සීමා පැනවීම ගැන අලුත් නිවේදනය මෙන්න

කොරෝනා ආසාදිත රෝගීන් වැඩි වශයෙන් වාර්තා වන්නේ නම් පළාත් අතර සංචර සීමා පැනවීමට වන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා සඳහන් කරයි. මේ වන විට දිවයිනේ ප්‍රදේශ කිහිපයකින් වැඩි වශයෙන් අසාදිතයන් වාර්තා වීම හේතුවෙන් බොහෝ ග්‍රාම නිලධාරි වසම් සහ පොලිස් බල ප්‍රදේශ හුදෙකලා කර තිබේ.

එසේම සෞඛ්‍ය බලධාරීන්, ප්‍රාදේශීය ලේකම්වරුන්, පොලිස් නිලධාරීන් ඇතුළු ආරක්ෂක අංශ සාමාජිකයන්, ග්‍රාම නිලධාරීන් ඇතුළු ක්ෂේත්‍ර ගණනාවක පුද්ගලයන් කොරෝනා වැලඳීම නිසා ජනතාවට සේවා සැපයීමේ ගැටලු මතුව ඇත.

මහජනතාව වගකීම් විරහිතව කටයුතු කිරීම හේතුවෙන් ඉදිරියේදී රටේ සෞඛ්‍ය පාලනය සෞඛ්‍ය අංශ වෙතින් ගිලිහී යෑමේ තත්ත්වයක් උද්ගත වී ඇති බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා පවසයි.

 

නිසි පරිදි සෞඛ්‍ය උපදෙස් අනුගමනය නොකරමින් ජනතාව තව දුරටත් කටයුතු කිරීම හේතුවෙන් දෛනිකව ආසාදිතයන් වාර්තාවීම ඉහළ යමින් පවතින බවද හෙතෙම පෙන්වා දෙයි. මේ තත්ත්වය තව දුරටත් පැවතියහොත් මෙරට රෝහල් පද්ධතිය තුළ පවතින ධාරිතාව ඉක්මවා යෑම සහ සම්පත් සීමා සහිත වීම හේතුවෙන් සෞඛ්‍ය පාලනය සෞඛ්‍ය අංශ වෙතින් ගිලිහී යනු ඇති බව ඔහු සඳහන් කළේය. පසුගිය 27 වැනිදා සිට මෙරට දෛනිකව ආසාදිතයන් වාර්තාවීම ශීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇති අතර, එය සියයට 70ක පමණ වර්ධනයක් බව උපුල් රෝහණ මහතා පෙන්වා දෙයි.