වෙළඳ කලාපයේ කතාව කෙටියෙන්

වෙළඳ කලාපයේ කතාව කෙටියෙන්

වෙනදා මෙන් බැරිය සොයුරිය සිප ගන්න..
ඔබ හද ගැහෙන රාවය දැන මැන ගන්න...
එනමුදු දනිමි ඇවිලෙන ඔබ දුක් ගින්න...
දුරින් වුණත් ඔබ සමගයි දැන ඉන්න...

"අපේ ආයතනයේ මේ වෙනකොට 50ක් 60ක් කට වඩා positive වෙලා ඉවරයි .දැන් මාස දෙකක ඉඳන් මේ විදියට ආයතනය ඇතුළේ තැනින් තැන ආසාදනයට ලක් වුණු අය හමු වෙන්න පටන් ගත්තා. මම වැඩ කරපු ලයින් එකේ මගේ ඉස්සරහම ළමයා positive උන නිසා මම මාර්තු 17 ඉඳලා අප්රේල් 10 වෙනකල් නිරෝධායනයට දැම්මා.

අප්රේල් 19 ඉදන් වැඩට යන්න පටන් ගත්තා විතරයි , ආපහු ලයින් එකේ තවත් ළමයි positive වන නිසා මමත් නිරෝධනයට දැම්මා. ආපහු මට වැඩට යන්න තියෙන්නේ තියෙන්නෙ මේ මාසේ 17.

කලින් වතාවෙත් ආයතනය බත් පැකට් එකක් ගෙනත් දුන්නේ එකම එක දවසයි. ඊළඟට නිකමටවත් හොයලා බැලුවේ නෑ. මේ වතාවෙත් අද වෙනකම් කිසිම දෙයක් හොයලා බැලුවේ නැහැ. කරන්න කිසිම දෙයක් නැති තැන තමයි අවදානම පැත්තකට දාලා ඔයාලව හොයාගෙන ආවේ. මගේ ගම ගාල්ල , හිනිදුම . මගේ ළමයි හතර දෙනාම ඉගෙන ගන්නවා.මගේ මහත්තයා අපව දාලා ගිහින් ගොඩක් කල් .මම තනිවම තමයි ළමයි හතර දෙනාට උගන්වන්නේ.

දැනට මාස දෙකකට වැඩියි, ළමයින්ට කිසිම දෙයක් යවන්න බැරිව ගියා. දැන් ලොකු දෙන්න ගමේ පොඩි පොඩි කුලී වැඩවලට යනවලු ,ඔන්ලයින් පන්තිවලට ඕන සල්ලි හොයා ගන්න. කොරෝනා හැදිල මැරුණ නම් මීට හොදයි කියල හිතෙනවා"

Standup Movement