සංචරණ සීමා තිතට – මුව ආවරණ නැති අය අල්ලන මෙහෙයුම් දෙගුණ වෙයි

සංචරණ සීමා තිතට – මුව ආවරණ නැති අය අල්ලන මෙහෙයුම් දෙගුණ වෙයි

පවතින තත්වය සැලකිල්ලට ගෙන පළාත් අතර සංචරණ සීමා ඉතා දැඩිව ක්‍රියාත්මක කිරීමට පොලිසිය ඇතුළු ආරක්ෂක අංශවලට තමා විසින් උපදෙස් මාලාවක් දුන් බව කොවිඩ් 19 පැතිරීම පාලනය කිරීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී , යුද හමුදාපති ජනරාල් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

නව තීරණය සම්බන්ධයෙන තව දුරටත කරුණු පැහැදිලි කළ යුද්ධ හමුදාපතිවරයා, ‘‘මේ අවස්ථාවේදී සංචරණ සීමා කඩ කිරීමට කිසිවකුටත් ඉඩ දෙන්නෙත් නෑ. ඉඩ තියන්නෙත් නෑ. එම සීමා කඩකරන පුද්ගලයන්ට විරුද්ධව දැඩි ලෙස ක්‍රියාමාර්ග ගන්නවා.

විශේෂයෙන් මුව ආවරණ නොපළඳින පුද්ගලයන් නීතියේ රැහැනට හසුකර ගැනීම සඳහා මෙහෙයුම් දෙගුණයකින් වැඩි කිරීමට ද පියවර ගෙන තිබෙනවා. මා මෙහිදී ජනතාවගෙන් විශේෂයෙන් ඉල්ලා සිටින්නේ කොරෝනා මර්දන රාජකාරි කටයුතුවල යෙදෙන ආරක්ෂක අංශවල නිලධාරීන්ට උපරිම සහාය ලබා දෙන ලෙසයි. එවැනි සහායකින් පමණයි අපිට රටක් ලෙස මේ අභියෝගයට මුහුණ දෙන්න පුළුවන් වෙන්නේ‘‘ යැයි ද කීවේය.