රාජ්‍ය සේවකයින් අනාරක්ෂිව සේවයේ යෙදවීමට එරෙහිව මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක්

රාජ්‍ය සේවකයින් අනාරක්ෂිව සේවයේ යෙදවීමට එරෙහිව මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක්

කොවිඩ් - 19 වෛරස තත්ත්වය හමුවේ රාජ්‍ය පරිපාලන චක‍්‍රලේඛ ඉදිරිපත් කර තිබියදීත් නිවාඩු ලබානොදීමටත් කාර්යාලගත හා ක්ෂේත‍්‍ර නිලධාරීන්ට සෞඛ්‍යාරක්ෂණ උපකරණ ලබානොදීමට එරෙහිවත් මානව හිමිකම් කොමිෂමට පැමිණිල්ලක් ඉදිරිපත් කරන බව ඒකාබද්ධ සංවර්ධන නිලධාරී මධ්‍යස්ථානය පවසයි.

මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් එම සංවිධානය වැඩිදුරටත් පවසන්නේ,

කොවිඩ් - 19 වෛරසය පැතිරයන අවස්ථාව ආණ්ඩුව දැඩි නොසැලකිල්ලකින් කටයුතු කරන බව පෙනෙනන්ට ඇත. පසුගියදා රාජ්‍ය සේවා පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශ ලේකම්වරයා ඉදිරිපත් කළ චක‍්‍රලේඛ පවා නොසලකා හරිමින් ඇතැම් ආයතන ප‍්‍රධානීන් කටයුතු කරනු පෙනේ. මේ වනවිටත් කොව්ඞ් වෛරසය හේතුවෙන් සංවර්ධන නිලධාරිනියක් සහ ග‍්‍රාම නිලධාරීවරයකු මියගොස් ඇත.

01. චක‍්‍රලේඛ අනුව නිවාඩු ලබානොදී දින 5ම සේවය කැඳවීම.
02. හදිසි අනුයුක්ත කිරීම් සිදුකිරීම.
03. අත්‍යවශ්‍ය සෞඛ්‍යාරක්ෂණ උපකරණ ලබානොදීම මේ අතර ප‍්‍රධාන ය.