ආයූර්වේද කාර්ය මණ්ඩලය වෘත්තීය ක්‍රියාමාර්ගයට

ආයූර්වේද කාර්ය මණ්ඩලය වෘත්තීය ක්‍රියාමාර්ගයට

ආයුර්වේද සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ ආරක්ෂාව සුරක්ෂිත කරන ලෙස බල කරමින් ක්‍රියාත්මක කිරීමට අදාල වෘත්තීය ක්‍රියාමාර්ග ගන්නා බව සමස්ත ලංකා සෞඛ්‍ය වෘත්තීය සමිති සම්මේලනය නිවේදනයක් මගින් කියාසිටී.

එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ,

සෞඛ්‍ය කාර්ය මණ්ඩලය අතරින් ආයුර්වේද සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ ආරක්ෂාව සුරක්ෂිත කිරීමට අදාල ක්‍රියාමාර්ග ක්‍රියාත්මක නොකිරීම හේතුවෙන් ආයුර්වේද සෞඛ්‍ය කාර්ය මණ්ඩලය මේ මොහොත වනව්ට දැඩි අවධානම් තත්වයකට මුහුණ පා ඇත. කොව්ඩ්-19 වෛරසයෙන් ආරක්ෂාවීම සඳහා සෞඛ්‍ය කාර්ය මණ්ඩලයට ලබා දෙනු ලබන කොව්ඩ් එන්නත ආයුර්වේද සෞඛ්‍ය කාර්ය මණ්ඩලයට වෙත මෙතෙක් ලබා දී නොමැත.

කොව්ඩ්-19 වෛරසයෙන් ආරක්ෂාවීම සඳහා ලබාදෙන එනන් ත ආයුර්වේද සෞඛ්‍ය කාර්ය මණ්ඩලය වෙතද ලබාදෙන ලෙස වගකිව යුතු සයි ලූම පාර්ශවයනේ ගන් ඉල්ලීම් කළද මේවන තෙක් ඒ සඳහා කිසිඳු සාධනීය පිළිතුරක් ලබා දීමට එම පාර්ශවයන් කටයුතු කර නොමැත.

එම හේතුවෙන් මේවන ව්ට ආයුඊවේද සෞඛ්‍ය කාර්ය මණ්ඩලය බරපතල අර්ඹුදකාරී අනතුරකට මුහුණ පා ඇත. ඒ අනුව දිවයින පුරා රෝහල් සහ සෞඛ්‍ය ආයතන ගණනාවක ආයුර්වේද කාර්ය මණ්ඩලය කොව්ඩ් ආසාදිතයින් බවට පත්ව ඇති අතර විශාල කාර්ය මණ්ඩල සාමාජිකයින් ප්‍රමාණයක් ආසාධිතයින් ලෙස නිරෝධායනය සඳහා යොමුව කොව්ඩ් ආසාධිත සැකකටයුතු පුද්ගයින් සේ ඇත.

කොව්ඩ් ආරක්ෂිත එනන්ත ලබා නොදීම, කොව්ඩ් ආරක්ෂිත උපකරණ ලබා නොදීම, ආසාධිතයින් සඳහා ආරක්ෂිත ප්‍රතිකාර මධ්‍යස්ථාන ලබා නොදීම, ආශ්‍රීතයින් සඳහා නිරෝධායන පහසුකම් නිසිසේ ලබා නොදීම ඇතුලූ ගැටලූ ගණනාවක් මධ්‍යයේ සයි රාජකාරීන් ඉටුකරනු ලබන ආයුර්වේද සෞඛ්‍ය කාර්ය මණ්ඩලය තවදුරටත් පවතින අනාරක්ෂිත තත්වය හමුවේ සේවය කිරීමේ අනතුර සඳහා කඩිනම් විසඳුම් ලබාදෙන ලෙස බලකරමින් අදාල බලධාරීන්ගේ අවධානය යොමුකර ගැනීම සඳහා වෘත්තීය ක්‍රියාමාර්ග ගැනීමට අප සම්මේලනය විසින් කටයුතු සංවිධානය කොට ඇත.