කොරෝනා නිවැරිදි තොරතුරු ලබානොදීම නිසා ඇඟලුම් කම්හල් කළමනාකරු රිමාන්ඩ්

කොරෝනා නිවැරිදි තොරතුරු ලබානොදීම නිසා ඇඟලුම් කම්හල් කළමනාකරු රිමාන්ඩ්

නිරෝධායන නීති උල්ලංඝණය කරමින් පළමු පෙළ ආශ්‍රිතයින්ගේ තොරතුරු නිවරදි ලෙස ලබානොදි රෝග බෝවිමට ඉඩ හැරිම සම්බන්ධයෙන් අධිකරණයට ඉදිරිපත් කරන ලද කොග්ගල නිදහස් වෙළඳ කලාපයේ ඇඟලුම් කම්හල් කළමනාකරුවකු 31වනදින දක්වා රිමාන්ඩ් බන්ධනාගාර ගත කිරිම ගාල්ල අතිරේක මහේස්ත්‍රාත් පවිත්‍රා සංජිවනි පතිරණ මහත්මිය නියෝග කළාය.

කොග්ගල නිදහස් වෙළඳ කලාපයේ එස්කුවෙල් ඇඟලුම් කම්හලේ කළමනාකරුවන තල්පෙ මෙරෙන්චිගේ අජිත් නානායක්කාර නමැති අයෙකි.

සැකකරු අධිකරණයට ඉදිරිපත් කරමින් මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් කියා සිටියේ මෙම ඇඟලුම් කම්හලේ සේවකයින් 1500ක පමණ සේවය කරන අතර මැතකදි කරනු ලැබු පී.සි.ආර්.පරික්ෂණවලදි 283ක් කොරෝනා ආසාදිතයින් බවට හඳුනා ගැනිමෙන් පසු පළමු පෙල ආශ්‍රිතයින් 733ක් නිරෝධායනය සඳහා යොමුකල බවය.

මෙම තත්වය මත ඇඟලුම් කම්හල දෛනිකව සේවා මුර ක්‍රමයට පවත්වාගෙන යනු ලබන අතර විවිධ අවස්ථාවන්හිදි නිරෝධායන පනත යටතේ මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් විසින් උපදෙස් ලබාදිම සිදු කලත් කම්හලේ කළමනාකාරු එම උපදෙස් නොතකමින් නිරෝධායන රෙගුලාසි උල්ලංඝණය කරමින්පළමු පෙල ආශ්‍රිතයින්ගේ තොරතුරු ලබා නොදෙමින් රෝග බෝවිමට හැකි ආකාරයට කටයුතු කරන බවත් පැමිණිල්ල කියා සිටියේය.

(ශ්‍රී ලංකා මිරර්)