කම්කරු කොමසාරිස් ජනරාල්වරයාගේ ප්‍රකාශය නිවැරිදි කල යුතුයි

NLAC

පසුගියදා මාධ්‍යවල පළ වූ ‘‘පුද්ගලික අංශයේ පඩි ගෙවන්න දුන් සහන දෙසැම්බර් තෙක් දික් කරයි’’ යනුවෙන් කම්කරු කොමසාරිස් ජනරාල්වරයා වසින් කරණ ලදැයි පල කර තිබුණු ප‍්‍රකාශය කෙරෙහි ඔබගේ අවධානය යොමුකර නිදහස් වෙළඳ කලාප සහ පොදු සේවා සේවක සංගමය, නිදහස් සේවක සංගමය, ලංකා වෙළඳ කාර්මික හා පොදු කම්කරු සංගමය, ජාතික වෘත්තීය සමිති සම්මේලනය පැහැදිලි කිරීමක් කරමින් ලිපියක් යවා ඇත.

එම ලිපියේ වැඩිදුරටත් සඳහන් වන්නේ,

2021 ජුනි මස 02 වන දින පවත් වන ලද ත්‍රෛපාර්ශවිය කාර්ය සාධක බලකා කමිටු රැස්වීමේ දී ඔබ විසින් එම පුවත් පතට කරණ ලදැයි සඳහන් ආකාරයේ තීරණයක් නොගත් අතර එම වැටුප් ක‍්‍රමය මාස 6ක් දීර්ඝ කරණ ලෙස සේවා යෝජක නියෝජිතයින් යෝජනා කළ ද ඒ පිළිබඳව ගරු කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල සිල්වා මහතා විසින් පහත අත්සන් කරණ අප වෘත්තීය සමිති වලින් අදහස් විමසා සිටි අවස්ථාවේ දී අප සංගම්වල ඒකමතික තීරණයක් නොතිබු බැවින් හැකි ඉක්මණින් ජාතික කම්කරු උපදේශක සභාවේ සියළුම වෘත්තීය සමිති කැඳවා ඒ පිළිබඳව ඔවුන්ගේ අදහස් විමසීමෙන් පසුව තීරණයක් ගැනිමට එකඟ විය.

තත්ත්වය එසේ තිබිය දී ඔබ විසින් ඒම වැටුප් ක‍්‍රමවේදය දෙසැම්බර් දක්වා දීර්ඝ කිරීමට ත්‍රෛපාර්ශවිය කාර්ය සාධක බලකා කමිටුව තීරණය කළේ යයි ප‍්‍රකාශ කිරීම නිවැරදි නොවන සහ නොමග යවන සුළු ප‍්‍රකාශ කිරීමක් වන බැවින් එය නිවැරදි කර මාධ්‍ය වලට ප‍්‍රකාශයක් නිකුත් කරන මෙන් 2021 ජුනි මස 02 වන දින පවත් වන ලද ත්‍රෛපාර්ශවිය කාර්ය සාධක බලකා කමිටුවට සහභාගි වූ පහත් අත්සන් කරණ අප සංගම් ඔබගෙන් ඉතා ඕනෑකමින් ඉල්ලා සිටිමු.