රැකියා විරහිත උපාධිධාරින් රජයේ රැකියා සඳහා බඳවා ගැනේ

health-sector-job

වෛද්‍ය කර්මය සදහා වූ පරිපුරක වෘත්තීන්ගේ සේවාවේ අනුස්ථාපන හා සමායෝජන පාඨමාලාවන් සදහා උපාධිධාරීන් බඳවා ගැනේ.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය කර්මය සදහා වූ පරිපූරක වෘත්තීයන්ගේ සේවාවේ පහත සදහන් අනුස්ථාපන හා සමායෝජන පාඨමාලාවන් සදහා විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විසින් පිළිගත් විශ්ව විද්‍යාලයක් මගින් උපාධිය ලබා ඇති පහත සදහන් සුදුසුකම් ලත් අය සදහා     අයදුම්පත් කැඳවීමට සෞඛ්‍ය අමාත්‍යාංශය කටයුතු යොදා ඇත.

  • වෛද්‍ය රසායනාගාර කාර්මික විද්‍යාඥ අනුස්ථාපන හා සමායෝජන පාඨමාලාව වෛද්‍ය රසායනාගාරවේදී (B.Sc.MLS)
  • උපාධිය සම්පුර්ණ කළ,
  • ඖෂධවේදී අනුස්ථාපන හා සමායෝජන පාඨමාලාව - ඖෂධවේදී (B.Pharm), විද්‍යාවේදී (ඖෂධවේදී) (B.Sc.Pharmacy) උපාධිය සම්පූර්ණ කළ,
  • විකිරණ ශිල්පී අනුස්ථාපන හා සමායෝජන පාඨමාලාව - විකිරණ ප්‍රතිකාරවේදී (B.Sc.Radio Therapy), විකිරණ විද්‍යාවේදී (B.Sc.Radio Graphy) උපාධිය සම්පූර්ණ කළ,
  • භෞත චිකිත්සක අනුස්ථාපන හා සමායෝජන පාඨමාලාව භෞත චිකිත්සකවේදී (Bachelor in Physiotherapy), විද්‍යාවේදී (භෞත චිකිත්සක) (B.Sc. Physiotherapy) උපාධිය  සම්පූර්ණ කළ,
  • වෘත්තීය චිකිත්සක අනුස්ථාපන හා සමායෝජන පාඨමාලාව - භෞත චිකිත්සකවේදී (Bachelor in Occupational Therapy), (විද්‍යාවේදී වෘත්තීය චිකිත්සක) B.Sc. in Occupational Therapy) උපාධිය සම්පූර්ණ කළ,

උපාධිධාරීන් හට ඉහත  අනුස්ථාපන හා සමායෝජන පාඨමාලාවන් සදහා අයදුම් කළ හැකි බව සෞඛ්‍ය අමාත්‍යාංශය දන්වා සිටින අතර,  2021.06.25 දිනට පෙර ඊට අදාල අයදුම්පත් යොමු කළ යුතු බව ද අවධාරණය කරයි.

ඉහත බඳවා ගැනීමට අදාල වැඩිදුර තොරතුරු සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් 2021.06.11 වන සිකුරාදා දින නිකුත් කළ ගැසට් පත්‍රය මගින් ලබාගත හැක.