ජාත්‍යන්තර කම්කරු නීතිය වතු කම්කරුවන්ට අදාළ නැද්ද ?

radakrisnan

වතු කම්කරුවන්ට ලබා දී ඇති සියලුම සුභසාධන යෝජනා ක්‍රම සියල්ල ඉවත් කරමින් කටයුතු කරමින් වතු කළමනාකාරිත්ව විසින් මේ මොහතේ විශාල අසාධාරණයක් වතුකම්කරුවන් හට සිදුකරමින් සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රී වේලුසාමි රාධක්‍රිෂ්ණන් මහතා ඊයේ (23) දින පැවැති මාධය හමුවකදි ප්‍රකාශ කලේය.

එහිදි රාධක්‍රිෂ්නන් මහතා වැඩිදුරටත් පවසා සිටියේ, රුපියල් 1000 ක වැටුප ගෙවීම ආරම්භ කිරීමෙන් පස් සාමූහික ගිවිසුම ගිවිසුම අත්තනෝමතික ලෙස ඒකපාර්ශවික ලෙස ප්‍රතික්ෂේප කර එය වලංගු නොවන බව පවසමින් අද මහාධිකරණයට ගිය අතර, එම තීන්දුව ප්‍රකාශයට පත්කරන තුරු වතු පාලකයන් බලා සිටින බවත් පවසා සිටියේය.

විශේෂයෙන් රු: 1000 වැඩිකිරීමෙන් පසු වතු කම්කරුවන් හට දිනකට තේ කිලෝග්‍රෑම් 20 ක් කැඩීම අනිවාර්ය කරමින් සිටින අතර, එය ලබානොදෙන කම්කරුවන්ගේ වැටුපෙන් අඩු කරන බව තමන්ට තොරතුරු ලැබී ඇති බවත්, ජාත්‍යන්තර කම්කරු නීතිය මේ රටේ කම්කරු නීතියට සමාන වන විට මෙම නීතිය වතු කම්කරුවන්ට අදාළ වේද? ප්‍රශ්ණ කළ අතර, මන්ත්‍රීවරයා රජය වතුකරයේ තත්ත්වය හොඳින් තේරුම් ගත යුතු බව වැඩිදුරටත් සඳහන් කළේය.

ඉදිරියේදී වතු කම්කරුවන්ගේ මෙම ප්‍රශ්ණ වලට පිළිතුරු ලබාදීමට අපොහොසත් වුවහොත් එහි වගකීම රජය හා සමාගම් බාරගත යුතු බව මන්ත්‍රීවරයා වැඩිදුරටත් සඳහන් කලේය.