වරායේ මුහුණු ආවරණ වංචාවක් ගැන අල්ලස් කොමිසමට පැමිණිල්ලක්

වරායේ මුහුණු ආවරණ වංචාවක් ගැන අල්ලස් කොමිසමට පැමිණිල්ලක්

ශ්‍රි ලංකා වරාය අධිකාරියේ සැපයුම් අංශය විසින් සේවකයින්ට සැපයීම සදහා මිලදී ගෙන ඇති මුහුණු ආවරණ මිලදී ගැනීමේදී සිදුකර ඇති මූල්‍ය වංචාව පිළිබද කරණු ලබන පැමිණිල්ලක් ජාතික වෘත්තීය සමිති පෙරමුණ විසින් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂක් සභාව වෙත බාරදීමට කටයුතු කරන ලදි.

එම පැමිණිල්ල මෙසේය,

ජාතික වෘත්තීය සමිති පෙරමුනේ සභාපති ලෙස කේ.එම්.චින්තක බණ්ඩාර වන මා සහ ජාතික වෘත්තීය සමිති පෙරමුණේ උප සභාපති ලෙස ලාල් බංගමුවගේ යන අය විසින් මෙහි පහත සදහන් රජය සතු රාජ්‍ය මුදල් අවභාවිතා කිරීම පිළිබද පැමිණිල්ල ඔබ කොමිෂන් සභාව වෙත ඉදිරිපත් කරන අතර මෙම පැමිණිල්ල ඉතා කඩිනමින් විමර්ෂණය කර අදාල වංචාව තහවුරු කර මෙම වංචාවට සම්බන්ධ සියළු දෙනා වෙත නොපමාව නීතිය ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන මෙන් කාරුනාකව ඉල්ලමි.

චෝදනාව,
ශ්‍රි ලංකා වරාය අධිකාරීයේ සැපයුම් අංශය විසින් සෙවකයින්ට සැපයීම සදහා මුහුණු ආවරණ මිලදී ගැනීමේ දී වෙළදපොලේ පවතින මිලට වඩා අධික මිලක් ගෙවමින් මිලදී ගැනීම සිදුකිරීම තුල රාජ්‍ය මුදල් අවභාවිතාවක් සිදුකර ඇත. අප සතු ලිපි ලේඛන වලට අනුව මිලදී ගැනීම් විස්තර පහත දක්වා ඇත.

දිනය මිලදී ගෙන ඇති වර්ගවල මිලදී ගෙන ඇති ආයතනය එකක මිල මිලදීගෙන ඇති පුමාණය වැය කර ඇති මුදල

දිනය

මිලදීගෙන ඇති වර්ගව

මිලදී ගෙන ඇති ආයතනය

එකක මිල

මිලදීගෙන ඇති පුමාණය

වැය කර ඇති මුදල

2021.05.03

Disposable 4ply

PJ Pharma care ( pvt ) ltd

40.00

24000

960000.00

2021.06.10

Disposable 4ply

PJ Pharma care ( pvt ) ltd

40.00

12000

480000.00

 

ඉහත විස්තර අනුව මෙම මුහුණු ආවරණ එකක් මිලදීගෙන ඇත්තේ රු. 40.00 ක මිලකට වේ. මෙම වර්ගයේ මුහුණු ආවරණයක් සදහා වෙළදපොලේ පවතින සාමාන්‍ය මිල රු.7.00 සිට රු.15.00 දක්වා

සිල්ලර මිලක් පවති. එමෙන්ම මෙම මිලදී ගැනීම තොගයක් ලෙස සිදුකර ඇති හෙයින් එලෙස තොගයක් මිලදී ගැනීමේ දී තොග මිල යටතේ පවතින සිල්ලර මිලට වඩා අනිවාර්යෙන්ම පහල මිලක් විය යුතුය. මේ අනුව මෙම මිලදී ගැනීම තුල රජය සතු මුදල් සම්බන්ධයෙන් වංචනික ලෙස කටයුතු කර රාජ්‍ය මුදල් අවභාවිතා කර ඇති බව තහවුරු වේ. එසේ හෙයින් මේ සම්බන්ධයෙන් නොපමාව විමර්ෂණයක් සිදුකරන ලෙසත් එහිදී මෙම රාජ්‍ය මුදල් වංචාවට සම්බන්ධ සියළු පාර්ශවයන් හදුනාගෙන ඔවුන් සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කරන ලෙසත් ඉල්ලමි.