සෞඛ්‍ය සේවකයින් යලිත් වෘත්තීය ක්‍රියාමාර්ගයක රතු එළි දල්වයි

සෞඛ්‍ය සේවකයින් යලිත් වෘත්තීය ක්‍රියාමාර්ගයක රතු එළි දල්වයි

ඒකාබද්ධ සෞඛ්‍ය සේවකයින් නැවතත් වෘත්තීය ක්‍රියාමාර්ගයකට අවතීරණය වීමට තීරණය කර තිබේ.

සෞඛ්‍ය සේවකයින්ගේ වැටුප් හා දීමනා ගැටළු මෙන්ම නවක සේවකය්න් ස්ථීර කිරීම ඇතුළු තවත් ඉල්ලීම් කිහිපයක් මුල්කරගනිමින් මෙලෙස වෘත්තීය ක්‍රියාමාර්ගයක දියත් කිරීමට නියමිතයි.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමි ඒකාබද්ධ සෞඛ්‍ය සේවක සංගමයේ ප්‍රධාන ලේකම් ටැම්පිටියේ සුගතානන්ද හිමියන් ප්‍රකාශ කර ඇත්තේ වෘත්තීය ක්‍රියාමාර්ගය ආරම්භකරන දිනය ගැන අද දිනයේ තීරණයකට එළැඹෙන බවයි.