මියගිය හිෂාලිනීට යුක්තිය ඉටු කරනු -ප්‍රොටෙක්ට් සංගමයේ විරෝධතාවයෙන් කොටගල උණුසුම් වෙයි

මියගිය හිෂාලිනීට යුක්තිය ඉටු කරනු -ප්‍රොටෙක්ට් සංගමයේ විරෝධතාවයෙන් කොටගල උණුසුම් වෙයි

පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන්ගේ නිවසේ දී මියගිය හිෂාලිනි දැරියට යුක්තිය ඉටු කරන ලෙස සහ තවත් කරුණු කිහිපයක් මුල්කරගනිමින් ඊයේ (25) ප්‍රොටෙක්ට් සංගමයේ හැටන් ශාඛාවේ සාමාජිකයින් විසින් කොටගල ප්‍රදේශ් සභාව ඉදිරිපිට විරෝධතාවක් පැවැත්විණි. 

එසේම හිෂාලිනීට යුක්තිය ඉටු කිරීම යනුවෙන් පවසා අත් අඩංගුවට ගැනීම් සහ ප්‍රකාශ ලබා ගැනීම පමණක් සිදු වන්නේ නම් එය යුක්තිය නොවන බව ඔවුන් පවසන ලදී. එසේම හිෂාලිනී වැනි දැරියන් බොහෝ පිරිසක් කොළඹ නිවාස වල මේ ආකාරයට සේවයේ යොදවමින් සිටින බව වතුකරයේ ජනතාව පවසයි.  රටේ නීති හදන තැන නීති හදන්න දායක වන අයගේ ගෙවල් ඇතුළෙම නීති කඩන රටක් බවට ශ්‍රී ලංකාව පත් වී ඇති බැවින් රටේ අනෙක් තැන්වල කෙසේනම් වියහැකිදැයි ඔවුන් විමසයි.

රටේ නීති හදන තැන නීති හදන්න දායක වන අයගේ ගෙවල් ඇතුළෙම නීති කඩන රටක් බවට ශ්‍රී ලංකාව පත් වී ඇති බැවින් රටේ අනෙක් තැන්වල කෙසේනම් වියහැකිදැයි ඔවුන් විමසයි. බදියුදීන්ගේ නිවසේම කාන්තාවන් 11 දෙනෙකුම මෙම ඉරණමට ගොදුරු වෙද්දී ඒ සඳහා උදව් කරනු ලැබූ බ්‍රෝකර්ලා වැනි මිනිස් වෙළෙන්දන්ට එරෙහිවද දැඩි ලෙස නීතිය ක්‍රියාත්මක විය යුතු වේ. මේ ආකාරයට හිංසනයට සහ ලිංගික අඩත්තේට්ටම් වලට ගොදුරු වන අය යුක්තිය ඉටු නොවේ නම් එවැනි නීතියක් කුමකටදැයි ඔවුන් විමසයි.මේ සඳහා නීතිය ක්‍රියාත්මක වන ආකාරය පිළිබඳව ප්‍රොටෙක්ට් සංගමය අවධානයෙන් සිටින බවත් එසේ නොවුවහොත් අනෙකුත් වෘත්තීය සමිතිද සමග සාකච්ඡා කර පුළුල් ක්‍රියාමාර්ගයකට එළඹෙන බව ඔවුන් පැවසීය.

ඔවුන්ගේ සටන් පාඨ අතර ළමයින් සහ කාන්තාවන් යනු ලිංගික භාණ්ඩ නොවේ, වතුකරයේ ජනතාවගේ අයිතිවාසිකම් දිනා ගැනීමට පෙළගැසෙමු, ගෘහ සේවක අයිතිවාසිකම් නීතිගත කරනු යන ඒවාද විය.  මෙහිදී ගෘහ සේවක අයිතිවාසිකම් නීතිගත කළ යුතු බවත් එහිදී ලෝක කම්කරු සංවිධානය විසින් සම්මත කර ඇති ඓළ්O c189 සම්මුතිය රට තුළ සම්මත කළ යුතු බවත් පවසයි. ඒ හරහා අනෙකුත් කම්කරුවන්ට මෙන් ගෘහ සේවක අයිතිවාසිකම් දිනා ගැනීමටත් මෙවැනි හිංසනයන්ට ගොදුරු වීමේ දැඩි අවධානමක් සහිත් ගෘහ සේවකයන් ඔවුන්ගේ සේවා ස්ථානයේදී ආරක්ෂා කර ගැනීම සඳහා නෛතික බලයක් ලැබෙනු ඇත.

කුමන නීති තිබුණ ද හිෂාලිනීලගේ ඛේදජනක සිදු වීම් වලට පසුබිම් වන වතුකරයේ සමාජ ආර්ථික දේශපාලනික බලපෑම ඉතා ඉහළය. ඔවුන් තවමත් ජීවත්වීමට ඉඩක් තැනක්  ඉල්ලමින් වසර 200කට අධික ඉතිහාසයක් තුළ තක්කඩි දේශපාලනයෙන්  තවත් ඒ ආකාරයේම දේශපාලන කඳවුරකට මාඅරු වෙමින් පැමිණ ඇත. ඔවුන් තවමත් තම අයිතිවාසිකම් වෙනුවෙන් වන සටන් පිළිබඳ විශ්වාසය අත්නොහැ රියද  නිසොල්මනේ අර්බූධයන්ට මුහුන දෙමින් සිටිති.   

මේ අර්බුධයන්ට එරෙහිව සාමූහික්ව සටන් කළ යුතුය. මක් නිසාද යත් වතුකරයේ ජනතාවගේ ගැටළු හිෂාලනීගේ මරනය සම්බන්ධව  පමනක් නොව  පොදු ජන කතිකාවේ ඇයගේ සමාජ පසුබිම මත ඇයට සිදු වූ අසා අසාධාරණය පිළිබඳව පමණක් සාක්චාවට ගත නොහැකිය.  එම නිසා වතුකරයේ ජනතාවගේ ආරථිකය සහ අයිතිවාසිකම් වෙනුවෙන් වතුකරය නියෝජනය කරන දේශපාලකයන්ගේ කාර්යභාරය පිළිබඳ නිරුවතද මේ හරහා හොඳින් පෙනෙන බව ඔවුන් පවසයි. එසේම කොළඹ හදන පුහු ආර්ථික න්‍යාය පත්‍ර වලට වතු කරයේ ජනතාවගේ ආර්ථිකය ගැන තැකීමක් නොවන බවත් වහලුන් ජීවත් වන ප්‍රදේශ ලෙස කටයුතු කරන ආකාරයක් දක්නට ලැබෙන බව ඔවුහු වැඩි දුරටත් පැවසීය.

1

3

4

44