අගමැති සහ ගුරු වෘත්තීය සමිති සාකච්ඡා එකඟතාවයකින් තොරව අවසන්

අගමැති සහ ගුරු වෘත්තීය සමිති සාකච්ඡා එකඟතාවයකින් තොරව අවසන්

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හා විදුහල්පති ගුරු වෘත්තීය සමිති නායකයින්  ඇතුළු වෘත්තීය ගැටළු විසඳා ගැනීමේ සාකච්ඡාවේදී එකඟතාවයකින් තොරව එම සාකච්ඡා අවසන් වී ඇත.

කෙසේ නමුත් ලබන සතියේ පැවැත්වෙන කැබිනට් මණ්ඩල රැස්වීමෙන් පසුව මේ පිළිබඳ අවසන් නිගමනයකට එළෙඹෙන බව අග්‍රාමාත්‍යවරයා පවසා ඇත.

කෙසේ වෙතත් තමන් ආරම්භ කළ වෘත්තීය ක්‍රියාමාර්ග දිගටම පවත්වාගෙන යන බව ගරු-විදුහල්පති වෘත්තීය සමිති කියා සිටී.