කොවිඩ් වසංගතය පාලනය කල බව පෙන්වීම සදහා රජයේ ඇතැම් පාර්ශවයන්වල අවිද්‍යාත්මක හැසිරීම ව්‍යාපතිය වැඩිවීමට හේතු වෙලා

කොවිඩ් වසංගතය පාලනය කල බව පෙන්වීම සදහා රජයේ ඇතැම් පාර්ශවයන්වල අවිද්‍යාත්මක හැසිරීම ව්‍යාපතිය වැඩිවීමට හේතු වෙලා

40-50 අතර පැවති මරණ සංඛ්‍යාව අද වන විට 67 ක් වෙලා. රෝහල් වල නිවැරදි ප්‍රතිකාර නොමැතිව මිය යන සංඛ්‍යාව ගණණය කලොත්, මේ සංඛ්‍යාව දෙගුණ තෙගුණ වේවි. මෙම මරණ වල වල වලක්වා ගත හැකි මරණ විශාල ප්‍රමාණයක් තියනවා.

රෝගීන් ප්‍රමාණය දිනපතා වැඩි වෙනවා. මේ වැඩි වෙන්නේ තමන් විසින්ම ලෙඩේ හොයාගෙන රෝහලට එන සංඛ්‍යාව මිස හඹාගෙන ගිහින් හොයන අය හෝ අහඹු පරීක්ෂණ මගින් හොයන ඒවා නොවේ. සෞඛ්‍ය අමාත්‍යාංශය පරීක්ෂණ කරන විදිහට 80%කට වඩා ඉන්න රෝග ලක්ෂණ නොමැති ආසාධිතයන් හමුවෙන්නේ නැහැ. ඒ අනුව අපි වාර්ථා කරන රෝගීන් ප්‍රමාණය වගේ හතර පස් ගුණයක් රෝගීන් සමාජය තුල ඉන්නවා.

පී. බී. ජයසුන්දර මහත්තයාට කොවිඩ් ඉවර වුණාට, සෞඛ්‍ය සේවයට කොවිඩ් ඉවර නෑ. ඇදං ගාණට වඩා හැම වාට්ටුවකම රෝගීන් ඉන්නවා. ඒ අතර සෞඛ්‍ය කාර්‍ය මණ්ඩලය සේරම එකවර රාජකාරී කරවන්න චක්‍ර ලේඛ ගහන්නේ, සෞඛ්‍ය සේවාවම අඩපණ කරන්න.

රවී කුමුදේශ්, සභාපති, පරිපූරක වෛද්‍ය වෘත්තීයවේදීන්ගේ ඒකාබද්ධ බලමණ්ඩලය