සෞඛ්‍ය කාර්ය මණ්ඩල වලින් නැවතත් රතු එළි

සෞඛ්‍ය කාර්ය මණ්ඩල වලින් නැවතත් රතු එළි

ජනාධිපති ලේකම්වරයා විසින් පසුගිය සම 20 වැනි දින නිකුත් කරන ලද චක්‍රලේඛයට අනූව සියළු සෞඛ්‍ය කාර්යය මණ්ඩලය එකවර සේවයට කැඳවීමේ සූදානමක්ද පවතින අතර කෝවිඩ් අනතුරු දීමනාව ඇතුළු පහසුකම් සියල්ල කපා හරිමින් “කොවිඩ් වසංගතය අවසන් වූ බවක්” හැඟවෙන ආකාරයෙන් පරිපාලනමය වශයෙන් කටයුතු කිරීමට පියවර ගනිමින් සිටන අතර, සෞඛ්‍ය කාර්යය මණ්ඩලයේ අවශ්‍යතාවයන් නැවත නැවතත් නොසලකා හැරීමට එරෙහි වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය ගැනීම වළක්වා ඔවුන්ගේ අවශ්‍යතා සඳහා කඩිනම් සාකච්ඡාවක් ඉල්ලා සෞඛ්‍ය වෘත්තීය සමිති එකමුතුව විසින් සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම්වරයා වෙත ලිපියක් යවමින් ඉල්ලීමක් කර ඇත.

එම ඉල්ලීමේ වැඩිදුරටත් සඳහන් වන්නේ, මේ වන විට රටේ පවතින වසංගත තත්ත්වය බරපතල අයුරින් ව්‍යාප්ත වෙමින් පවතින අතරතුර කෝවිඩ් මරණ සංඛ්‍යාව දිනෙන් දිනම වැඩි වෙමින් පවතී. හඹා ගොස් හෝ අහඹු ලෙස රට තුල සිටින ආසාධිතයන් සොයා ගැනීමක් විද්‍යාත්මකව සිදු නොවන අතර, එම තත්වය යටතේදී පවා හමු වන ආසාධිතයන් ප්‍රමාණය දිනෙන් දිනම වැඩි වෙමින් පවතී. එසේම සියළුම රෝහල් වල දැරිය හැකි ධාරිතාව ඉක්මවමින් තිබෙන අතර කෝවිඩ් වාට්ටු වල පවතින ඇඳන් සංඛ්‍යාවට වඩා වැඩිපුර රෝගීන් තබා ගනිමින් කලමනාකරණය කර ගැනීම සෞඛ්‍ය කාර්යය මණ්ඩලයේ තනි වගකීමක් වී ඇත. නමුත් මේ සඳහා අනුමත ප්‍රතිපාදන වලින් ලබා දිය හැකි සමහරක් අත්‍යාවශ්‍ය පහසුකම් ලබා දීම පවා අතපසු කොට ඇත.

තත්ත්වය මෙසේ තිබියදී ජනාධිපති ලේකම්වරයා විසින් පසුගිය සම 20 වැනි දින නිකුත් කරන ලද චක්‍රලේඛයට අනූව සියළු සෞඛ්‍ය කාර්යය මණ්ඩලය එකවර සේවයට කැඳවීමේ සූදානමක්ද පවතින අතර කෝවිඩ් අනතුරු දීමනාව ඇතුළු පහසුකම් සියල්ල කපා හරිමින් “කොවිඩ් වසංගතය අවසන් වූ බවක්” හැඟවෙන ආකාරයෙන් පරිපාලනමය වශයෙන් කටයුතු කිරීමට පියවර ගනිමින් සිටී.

මෙම තත්ත්වය කිසිසේත්ම රටේ මහජනතාවගේ හෝ සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ හිතසුව පිණිස නොවන බැවින් පහත ගැටළු විසඳා ගැනීම සඳහා කඩිනම් අවස්ථාවක් ලබා දෙන ලෙස ඉතා කාරුණිකව ඉල්ලා සිටිමු.

  1. සෞඛ්‍ය කාර්ය මණ්ඩලයට කොවිඩ් විශේෂ නිවාඩු ක්‍රමය අඛණ්ඩව ක්‍රියාත්මක කිරීම.
  2. කොවිඩ් අනතුරු දීමනාව අඛණ්ඩව ලබා දීම.
  3. සෞඛ්‍ය සේවාවේ වරින් වර මතු වන දීර්ඝකාලීන ගැ‍ටළු සඳහා ස්ථිරසාර විසඳුමක් ලෙස සෞඛ්‍ය සේවාව සංවෘත සේවාවන් බවට පත් කිරීමේ අමාත්‍ය මණ්ඩල තීරණය ක්‍රියාත්මක කිරීම.
  4. බහුකාර්ය සංවර්ධන බලකායේ අයවළුන් සමස්ථ රෝහල් පද්ධතියෙන් ඉවත් කිරීම
  5. අතිකාල සීමාවන් ඉවත් කිරීම
  6. සියළු බඳවා ගැනීම් සිදු කිරීම හා සියළු පුරප්පාඩු පිරවීම

උක්ත අවශ්‍යතා විසඳීම සඳහා කඩිනම් මැදිහත්වීමක් සිදු නොකරන්නේ නම් අගෝස්තු 05 වන දින සිට සේවයෙන් බැහැර වීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයට අවතීර්ණ වන බව කාරුණිකව දැනුම් දෙමු.