රෝහල් කණිෂ්ඨ කාර්යමණ්ඩල අද සහ හෙට ලෙඩ වෙයි

රෝහල් කණිෂ්ඨ කාර්යමණ්ඩල අද සහ හෙට ලෙඩ වෙයි
ඉල්ලීම් 10 ක් මුල්කර ගනිමින් රෝහල් කණිෂ්ඨ කාර්ය මණ්ඩල අද සහ හෙට අසනීප නිවාඩු වාර්තා කර වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරතවීමට තීරණය කර තිබෙන බව වාර්තා වේ.
 
නිල ඇදුම් දීමනාව 15,000 ක් දක්වා වැඩි කිරීම, ස්ථාන මාරු, රුපියල් දහසේ මාසික විශේෂ දීමනාව රුපියල් 7,000 දක්වා වැඩි කිරීම ඇතුළු ඉල්ලීම් 10 ක් මුල්කර ගනිමින් රෝහල් කණිෂ්ඨ කාර්ය මණ්ඩලය මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය ක්‍රියාත්මක කරන බවයි ඒකාබද්ධ සෞඛ්‍ය සේවක සංගමයේ ප්‍රධාන ලේකම් පූජ්‍ය ටැම්පිටියේ සුගතානන්ද ස්වාමීන් වහන්සේ වැඩිදුරටත් සඳහන් කළේ.
 

කෙසේ නමුත් කොරෝනා වාට්ටු සහ රෝහල්වල අත්‍යවශ්‍ය සේවා පවත්වාගෙන යාමට අවශ්‍ය සහය ලබාදීමට තීරණය කර ඇති බවත් උතුරු පළාතේ රෝහල්, පොළොන්නරුව, හලාවත, ත්‍රිකුණාමලය යන මහ රෝහල්වල මෙන්ම මඩකළපුව ශික්ෂණ රෝහලේ මෙම වැඩ වර්ජනය ක්‍රියාත්මක නොවන බවත් උන්වහන්සේ පැවසීය.