රාජ්‍ය සේවකයින් කැඳවීමේ නවතම චක්‍රලේඛය මෙන්න

රාජ්‍ය සේවකයින් කැඳවීමේ නවතම චක්‍රලේඛය මෙන්න
රජයේ ආයතන සඳහා කාර්යමණ්ඩල කැඳවීමේදී අනුගමනය කළ යුතු ක්‍රියා පටිපාටිය පැහැදිලි කරමින් නව චක්‍රලේඛයක් අද (06) නිකුත්කර තිබේ.
 
රාජ්‍ය සේවා, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශ ලේකම් ජේ.ජේ රත්නසිරි මහතාගේ අත්සනින් යුතුව එම සංශෝධිත චක්‍රලේඛය නිකුත් කර ඇත.
 
ඒ් අනුව රාජ්‍ය සේවකයින් කැඳවීමේදී සේවා මුර ක්‍රමයට කැඳවිය යුතු අතර සතියට දින තුනක් පමණක් එක් සේවකයෙකු කැඳවිය යුතු සේ කණ්ඩායම් සකස් කළ යුතුය.
 
එසේම තම ආයතනයේ සේවය සඳහා කැඳවන්නේ කුමන නිලධාරීන්ද, සේවකයින්ද යන්න තීරණය කිරීම අදාළ ආයතනයේ ප්‍රධානියාට හැකි අතර ගර්භනී මව්වරුන් සහ වයස අවුරුදු 1ට අඩු දරුවන් සිටින කිරිදෙන මව්වරුන් කිසිසේත්ම නොකැඳවිය යුතුය.
 

අදාළ සම්පූර්ණ චක්‍ර ලේඛය පහත පරිදිය.

2 01

02 02

02 03