ඇදිරිනීතිය දැඩි වෙයි -අලුත්ම නිවේදනය මෙන්න!

ඇදිරිනීතිය දැඩි වෙයි -අලුත්ම නිවේදනය මෙන්න!
නිරෝධායන ඇඳිරිනීතිය බලපැවැත්වෙන කාලසීමාව තුල පොලිස් ස්ථාන මගින් කිසිදු ආකාරයක ඇදිරිනීති බලපත්‍රයක් නිකුත් නොකරන බව පොලිස් මූලස්ථානය නිවේදනය කර තිබේ.
 
මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දක්වමින් පොලිස්  මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිහාල් තල්දූව මහතා ප්‍රකාශ කර ඇත්තේ භාණ්ඩ ප්‍රවාහන සේවා සඳහා අවශ්‍ය ඇඳිරිනීති බලපත්‍ර ප්‍රාදේශීය සහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලවලින් ලබා ගත හැකි බවයි.
 

මීට පෙර ලබාගෙන ඇති බලපත්‍ර අලුත් කරගැනීමද එම කාර්යාල මගින් සිදුකරගත හැකි බවයි ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිහාල් තල්දූව මහතා කියා සිටියේ.