සියලූම තැපැල් කාර්ය මණ්ඩලයේ දැනගැනීම සඳහා නිවේදනයක්

සියලූම තැපැල් කාර්ය මණ්ඩලයේ දැනගැනීම සඳහා නිවේදනයක්

පවතින වසංගත තත්ත්වය තුල රට වසා දමා ඇති අවස්ථාවේ තැපැල් සේවා කටයුතු පවත්වාගෙන යාම සම්බන්ධයෙන් (25) දින දින දහවල් තැපැල්පති ( වැ. බ. )වරයා සමග පැවති වෘත්තීය සමිති සාකච්ඡාවේදී එළබි එකගතාවන් පිළිබඳ තැපැල් කාර්ය මන්ඩලය දැනුවත් කිරීම සඳහා නිවේදනයක් නිකුත් කර ඇත.

එම නිවේදනයේ සඳහන්ව ඇත්තේ, මාර්ග ගත ක්‍රමයට පැවති මෙම රැස්වීම සදහා වැඩ බලන තැපැල්පති තුමා මෙන් ම තැපැල්පති තුමන්ද විදේශීය රටක සිට සම්බන්ධ වියමෙයට අමතරව නිපෝමාජ ( මෙහෙයුම් ) වැ.බ. තුමා, පළාත් බද නිපෝමාජ තුමන්ලා අධිකාරී මහැහු සහ වෘත්තීය සමිති නියෝජිතයින් සහභාගි විය. මෙහිදී ගත් තීරණයන් පහත පරිදි වේ.

  • රට වසා ඇති කාල සීමාව තුල ඖෂධ බෙදීම පමණක් සිදුකළ යුතු අතර එම කටයුතු අවම සේවක සංඛ්‍යාවක් යොදාගෙන එක් දිනක සිදු කළ යුතුය. ලැබෙන පාර්සල් ප්‍රමණය අනුව එක් දිනක දී සිදු කිරීමට අපහසු නම් අදාල තොරතු ප්‍රාෙද්ශීය තැපැල් අධිකාරී තුමන්ලා වෙත දන්වා ඒ සම්බන්ධයෙන් තීරණයක් ගත යුතු අතර මේ සදහා වැය කළ යුතු උපරිම දින ගණන දින තුනකි. මෙම දින තුනට සෙනසුරාදා දිනද ඇතුලත් කරගත හැක.
  • ඖෂධ පැකැට් සමග දේශිය හෝ විදේශිය තැපැල් භාණ්ඩ තම කාර්යාල වලට ලැබුණ හොත් ඹෟෂද පැකැට් සම්බන්ධයෙන් පමණක් කටයුතු කර අනෙකුත් තැපැල් භාණ්ඩ කාර්යාල නැවත විවෘත කරන තෙක් ආරක්ෂිතව රදවා තබා ගත යුතුය.
  • මධ්‍ය තැපැල් හුවමාරුවෙන් ප්‍රාදේශිව තැපැල් ප්‍රවාහන කරනුයේ ඖෂද පැකැට් ඇත්නම් පමණක් වන අතර ප්‍රාදේශිකවද අදාල තැපැල් පරිපාලනය විසින් තැපැල් කාර්යාල සදහා තැපැල් ප්‍රවාහනය කරණුයේ ඖෂද පැකැට් ඇත්නම් පමණි.
  • කාර්යාලවලින් සිදුකරන වැඩිහිටි දීමනා / විශ්‍රාම වැටුප් / මහජනාධාර / රෝගාධාර ගෙවීම සම්බන්ධයෙන් ඉදිරියේදී උපදෙස් ලබාදෙන අතර ඒ අනුව කටයුතු කළ යුතුය.
  • තවදුරටත් ගෙවීමට ඇති ඉහත ගෙවීම් ඉදිරි දිනයකදී ගෙවීමට රදවා ගැනීම.
  • පෞද්ගලිකව යොදා ගන්නා ප්‍රවාහන පහසුකම් සදහා පෙර පරිදි ගෙවීම් සිදු කිරීම,
  • ප්‍රාදේශීය තැපැල් අධිකාරී වරුන් තම නිළරථ භාවිතාකර සතියට වරක් නිවසට යාම සම්බන්ධයෙන් ගැටළුවක් පවතින්නේ නම් ඒ පිළිබද නිපෝමාජ ( මෙහෙයුම් ) අමතා විසදුම් ලබා ගැනීම.
  • මෙම සියළු කටයුතු අවම සේවක පිරිසක් යොදාගෙන සෞඛ්‍ය ආරක්ෂික නියමන් පිළිපදිමින් දැඩි ආරක්ෂිතව සිදු කිරීම,
  • මෙම කටයුතු සම්බන්ධයෙන් උපදෙස් මුලස්ථානයෙන් පමණක් නිකුත් කිරීම,
  • අදාල කටයුතු ඉටු කිරීමේ දී කිසියම් ගැටළුවක් මතුවන්නේ නිපෝමාජ තුමන්ලාට සෘජුවම අමතා දැන්වීම. අදාල දුරකථන අංක ඉදිරියේදී සපයනු ඇත.

මෙම උපදෙස් අනුව කටයුතු කරන ලෙසත් මේ සම්බන්ධයෙන් ගැටළුවක් ඇත්නම් පහහ දුරකථන අංක මගින් සංගම් නායකයින් අමතන්න, සියළු සොයුරු සොයුරියන් තම ආරක්ෂාව සහ තම සමීපතමයන්ගේ මෙන් ම සමස්ථා මහජනතාවගේම ආරක්ෂාවට මුල් තැන දෙමින් මෙම භයානක වසංගතය පාලනය කර ගැනීම සදහා උපරිම සහය ලාබා දෙමින් කටයුතු කරන ලෙස කාරුනිකව ඉල්ලමි.

එම සාකච්ඡාව සඳහා පහත සඳහන් වෘත්තීය සමිති වල නියෝජිතයින් සහභාගී වී ඇත.

  • ශාන්ත කුමාර මීගම, ප්‍රධාන සභාපති, තැපැල් සහ විදුලි සංදේශ නිළධාරීන් සංගමය,
  • කේ.එම්.චින්තක බණ්ඩාර , ප්‍රධාන සභාපති, ශ්‍රි ලංකා තැපැල් සහ විදුලි සංදේශ සේවා සංගමය
  • ජී.එම්.හෙට්ටිආරච්චි, සභාපති, ජාතික තැපැල් සහ විදුලිසංදේශ සේවක සංගමය
  • එචි.ඒ.ආර්.නිහාල්, ප්‍රධාන ලේකම්, එක්සත් ජාතික තැපැල් සේවක සංගමය
  • මංජුල ප්‍රනාන්දු, සභාපති, ශ්‍රි ලංකා නිදහස් තැපැල් වෘත්තීය වේදීන්ගේ සංගමය
  • ජගත් මහින්ද, සභාපති, ලංකා තැපැල් සේවා සංගමය