රැකියා විරහිත තරුණයන්ට රැකියාවකට මෙන්න අවස්ථාවක්

රැකියා විරහිත තරුණයන්ට රැකියාවකට මෙන්න අවස්ථාවක්

2024 වසර වන විට මිරිස් ආනයනය සම්පූර්ණයෙන්ම නතර කිරීමට පියවර ගන්නා බව කෘෂිකර්ම ඇමැති මහින්දානන්ද අලුත්ගමගේ පැවසීය.

ඇමැතිවරයා ඒ බැව් කියා සිටියේ නාවලපිටිය ගලබොඩ වත්තේ අක්කර 100 ක කාබනික පොහොර සහ නව තාක්ෂණය යොදා ගනිමින් සාර්ථකව සිදු කරනු ලබන මිරිස් වගාව නිරීක්ෂණය කිරීම සඳහා (11) දින පස්වරුවේ ගලබොඩ වත්තට පැමිණි අවස්ථාවේ මාධ්‍යයට විශේෂ ප්‍රකාශයක් කරමිනි.

ඉදිරියේදී දිවයිනේ විවිධ ප්‍රදේශවල අක්කර 3000 ක මිරිස් වගාව සාර්ථකව සිදු කිරීමට තම අමාත්‍යාංශය සැලසුම් කර ඇති බවද ඉතා දුෂ්කර වතු යායක් වූ නාවලපිටිය ගලබොඩ වත්තේ රැකියා විරහිත තරුණයන්ට මිරිස් වගාව සඳහා ඉදිරියේදී තවත් අක්කර 100 ක් ලබාදෙන බවද ඇමැතිවරයා කියා සිටියේය.