නව සෞඛ්‍ය ඇමති සමඟ සාකච්ඡාව සාර්ථකයි

  • ගුවන් මගීන්ගේ පීසීආර් වාර්තා පැය කියපයක් ඇතුලත ලබා දීමට එකඟතා.
  • හෝටල් නිරෝධායනකින් තොරව අසාධිත නොවන අය මුදා හැරේ.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඇතැම් නිළධාරීන් සහ විශේෂඥයින්ගේ මැදිහත් වීමෙන්, නිවැරදි, වේගවත් සහ ලාභදායි PCR තාක්ෂණය භාවිතා කිරීමට ඇති හැකියාව අවහිර කරමින්, PCR පරීක්ෂණ සිදු කිරීමේ හා වාර්තා ලබා දීමේ ප්‍රමාදයක් ඇති කිරීම හේතුවෙන්, ගුවන් මගින් මෙරටට පැමිණෙන ශ්‍රී ලාංකිකයින් සහ සංචාරකියින් ගසා කෑම කලක පටන් සිදු විය.

ඊට පිළියම් සෙවීම සදහා කටුනායක ජාත්‍යතර ගුවන්තොටුපල පරිශ්‍රයේ නවීන රසායනාගාර දෙකක් ඉදි කලද, ගුවන් මගීන්ගේ නිදර්ශක එම රසායනාගාර වලට යොමු නොකරමින්, පෞද්ගලික රසායනාගාර දෙක, තුනකට යොමු වෙන ආකාරයට සෞඛ්‍ය අමාත්‍යාංශයේ ප්‍රතිපත්ති සැකසීම හේතුවෙන්, හා එම තීරණ ගැනීමේදී පෞද්ගලික රසායනාගාර වල අනියම් සේවාවන් සපයන ඇතැම් විශේෂඥයින්ට පමණක් අවස්ථාව ලබා දීම හේතුවෙන් එම තත්වය නිවැරදි කිරීමට නොහැකි විය.

මේ පිළිබදව වෛද්‍ය රසායනාගාර විද්‍යාඥ වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමය දිගින් දිගටම සිදු කරන ලද පැමිණිළි විමර්ශනය කරමින් වර්ථමාන සෞඛ්‍ය අමාත්‍යවරයා විසින් ඊයේ සහ අද දිනයන්හිදී විශේෂ සාකච්චාවක් පැවැත්වූ අතර එම තත්වය නිවැරදි කිරීම සදහා ඔහුගේ පූර්ණ මැදිහත්වීම ලබා දෙන ලදී.

ඒ අනූව PCR පරීක්ෂණ ප්‍රමාදයට හේතුවී ඇති නව තාක්ෂණය ලබා ගැනීමට අනවරතව බාධා කරනු ලබන රසායනාගාරය සේවාවේ ප්‍රධානීන්ගේ ක්‍රියාකලාපය වෙනස් කර දෙන ලෙස අප විසින් ඉල්ලා සිටි අතර, සෞඛ්‍ය අමාත්‍යාංශයේ සහයෝගය ලැබෙන්නේනම්, පැය කිහිපයකින් PCR වාර්ථා ලබා දීමේ හැකියාව අප සතු බව පෙන්වා දෙන ලදී.

කොමිස් වුවමනාව වෙනුවෙන්, PCR අයිතිකරුවන් ලෙස පෙනී සිටන ඇතැම් තාක්ෂණික විශේෂඥයින් රැපිඩ් PCR, ජංගම PCR රසායනාගාර, වඩා වේගයෙන් සිදු.කල හැකි ප්‍රතික්‍රීයක ලබා ගැනීම ඇති හැකියාව මේ වන විටත් අවහිර කර ඇත. පරිත්‍යාග ලෙස ලබා දී ඇති ජංගම PCR රසායනාගාර සහ ඉතා කෙටි කාලයකින් වාර්ථා ලබා දිය හැකි රැපිඩ් PCR යන්ත්‍ර මාස හතරක් තිස්සේ ලබා ගැනීම ප්‍රමාද කර ඇත්තේ, දැනට භාවිතාවන ප්‍රතික්‍රියක සදහා තරඟකාරීත්වයක් ඇති වීම වැලක්වීම සඳහාය. මෙකී පරීක්ෂණ මිලගණන් පිළිබදව සාවද්‍ය කරුණු ඉදිරිපත් කරමින්, සෞඛ්‍ය ඇමතිවරයා පවා නොමඟ යවා ඇති බවක් පෙනෙන්නට තිබෙන අතර, ඒ සියල්ල හේතුවෙන් විවේචනයට ලක්වන්නේ සෞඛ්‍ය අමාත්‍යවරයා බවද අප එහිදී පෙන්වා දෙන ලදී.

කෙසේ නමුත්, ගුවන් මගීන් අනවශ්‍ය ලෙස නිරෝධායනය නොකරමින්, පැය කිහිපයක් ඇතුලත වාර්ථා ලබා දිය යුතු බව සෞඛ්‍ය ඇමතිවරයාගේ ස්ථාවරය වූ බැවින් ඒ සදහා ඉදිරි දින කිහිපය තුලදී වැඩපිළිවෙලක් සැකසීමට හැකිවනු ඇති බව අප විශ්වාස කරමු. මෙම වැඩ පිළිවෙල සදහා සංචාරක හා සිවිල් ගුවන්සේවා අමාත්‍යවරයාගේද පූර්ණ සහයෝගය ලැබී ඇති බැවින්, අප විසින් යෝජනා කරනු ලැබූ තාකෂණික උපක්‍රම භාවිතා කිරීමට එරෙහිව ඇති බාධාවන් ඉවත් කල වහාම, ගුවන් මගීන්ගේ PCR පරීක්ෂණ කඩිනමින් සිදු කරමින් අවම කාලයකදී වාර්තා ලබාදීම සදහා අප වෛද්‍ය රසායනාගාර විද්‍යාඥ කාර්‍යමණ්ඩලය පුර්ණ දායකත්වය ලබා දීමට සූදානමින් පසුවේ.

රවී කුමුදේශ්
සභාපති
වෛද්‍ය රසායනාගාර විද්‍යාඥ වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමය

ke mlt 1