සෞඛ්‍ය සේවාවේ වැඩ නවතින ලකුණු

ravi-kumudesh

සෞඛ්‍ය අමාත්‍යාංශය සැපයුම් කරුවන් සදහා ගෙවීමට නියමිත බිලියන 12ක්, ගෙවීම පැහැර හැරලා.

මේ හේතුවෙන් ඉදිරියේදි සෞඛ්‍ය සේවාවන් රැසක් අඩාලවීමට නියමිත්ව ඇතත්, සෞඛ්‍ය ලේකම්වරයා ඒ පිළිබදව සාකච්ඡාවක් පවා සිදු නොකරමින්, සෞඛ්‍ය සේවාව කඩා වැටීමට ඉඩ හැර අයාලේ යන තත්වයකට පත් කර ඇත.

මෙම මුදල් අතර රුපියල් බිලියනයක් පමණ වසරකට වඩා වැඩි කාලයක් තුල ගෙවා නොමැති ණය මුදල් වන අතර, බිලියන 4ක් පමණ මාස 6කට වඩා පැරණි ඒවාය.

ඔක්සිජන් සැපයුම් සදහා පමණක් රුපියල් මිලියන 150ක් ණය වී ඇති අතර, රසායනාගාර සේවා සදහා රුපියල් මිලියන 2500කට වඩා වැඩි ණය මුදලක් පියවීමට ඇත.

මේ හේතුවෙන් සමාගම් ගණනාවක් ඉදිරියේදී තම සේවාවන් අත් හිටුවීමට තීරණය කර ඇති අතර පසුගිය සතියේදී අනුරාධපුර ශික්ෂණ රෝහලෙහි ඔක්සිජන් සැපයුම අදාල සමාගම විසින් නතරකර දමන ලදී. ඒ අනූව දැඩි සත්කාර සේවාවන් සියල්ල බරපතල අර්බුධයකට ලක්ව ඇති අතර MRI, CT ස්කෑන්, ශල්‍යාගාර, හදිසි ප්‍රතිකාර අංශ සහ රසායනාගාර සේවාවන් පවත්වාගත නොහැකි තත්වයකට පත් විය හැකිය.

කෙසේ නමුත් මේ පිළිබදව සෞඛ්‍ය ලේකම් වරයා අදාල සමාගම් සදහා සාකච්චාවක් පවා ලබා නොදෙමින් මගහරින තත්වයක් පවතින බැවින් සැපයුම් නතර කරන තුරු බලා හිදීම හැර, සෞඛ්‍ය පරිපාළණය විකල්පයක් දීමට පවා හැකියාවක් සහ උණන්දවක් දක්වන බවක් පෙනෙන්නට නැත.

ඒ අතරතුර අනවශ්‍ය උපකරණ සහ වියදම් සහිත ප්‍රතික්‍රීයක ගෙන්වමින් අනවශ්‍ය වියදම් ගණනාවක් සිදු කරන බවද පෙනෙන්නට තිබේ. සමහර රෝහල් රසායනාගාර සදහා හොදින් ක්‍රියාත්මක උපකරණ තිබියදී විශාල මිල ගණන් ණය වෙමින් අලුත් උපකරණ ගොඩ ගසමින් තිබෙන අතර, රසායනාගාර නියෝජ්‍ය අධ්‍යක්ෂක වරයා විසින් ඒ පිළිබදව කිසිදු පාළණයක් සිදුකරනබවක් පෙනෙන්නට නැත.

එලෙස ගෙන්වන ලද සමහර උපකරණ හේතුවෙන් රුපියල් 4කට පමණ සිදු කල හැකි සමහර පරීක්ෂණ සදහා රුපියල් 20ක පමණ මුදලක්ද, සමස්තයක් ලෙස ප්‍රතික්‍රීයක මිල හතර ගුණයකින් පමණ වැඩුවන තත්වයක්ද ඇතිව තිබේ. මේ සියල්ල ණය කන්දරාවක් ලෙස එකතුවෙමින් පවතින අතර, ඒවා පාළණය කිරීමට රාසායනාගාර සේවා ප්‍රධානියාට කිසිදු සැලසුමක් හෝ අවශ්‍යතාවයක් තිබෙන බවක් පෙනෙන්නට නැත. රසායනාගාර සේවාවේ ප්‍රතික්‍රීයක මිල නිවැරදිව පාළණය කිරීමෙන් පමණක් කිසිදු සේවාවක් අඩාල නොකරමින්, දිනපතා ණය ගොඩට එකතු කරමින් පවතින මුදල හතර ගුණයකින් අඩු කර හැකිය.

මෙම තත්වය සැලකිල්ලට ගෙන එකතුවන ණය මුදල් ගෙවා දැමීම සදහා කඩිනම් වැඩපිළිවෙලක් ලබා නොදෙන්නේනම් සහ රටේ පවතින ආර්ථික තත්වය සැලකිල්ලට ගෙන සේවාවන් අඩාල නොකරමින්, වියදම් පාළණය සදහා දක්ෂ පරිපාළණයක් ඇති නොකරන්නේනම්, සෞඛ්‍ය සේවවා බරපතල කඩාවැටීමකට ලක් වීම නොවැලක්විය හැකිය.

රවී කුමුදේශ්, සභාපති, සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමය