වරායේ බටහිර පර්යන්තය විකිණීම : වෘත්තීය සමිති දැන් මොකද කියන්නේ ?

වරායේ බටහිර පර්යන්තය විකිණීම : වෘත්තීය සමිති දැන් මොකද කියන්නේ ?

 

70%ක කොටස් වරාය අධිකාරියට අහිමි වෙලා - නිරෝෂන් ගොරකානගේ, සමස්ත ලංකා පොදු සේවක සමිතියේ ප‍්‍රධාන ලේකම්

Niroshan gorakana

පසුගිය සැප්තැම්බර් මාසයේ 30 වැනිදා විෂයභාර අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන විසින් කොළඹ දකුණු වරායේ බටහිර කොටස ඉන්දියානු අදානි සමාගමටත්, ඒ වගේම ජෝන් කීල්ස් සමාගමටත් ලබා දීම සඳහා ශී‍්‍ර ලංකා වරාය අධිකාරිය සමඟ ගිවිසුමක් අත්සන් කළා. මේ ගිවිසුම මඟින් ඩොලර් මිලියන 700ක ආයෝජනයක් සිදු කරන බව කියනවා. අවුරුදු තිස්පහක කාලයකට තමයි මේ කටයුත්ත සිද්ධ කොට තිබෙන්නේ. මේක හරහා සියයට පනස් එකක කොටස් ප‍්‍රමාණයක් ඉන්දියානු අදානි සමාගමටත්, ඒ වගේම සියයට තිස් හතරක කොටස් ප‍්‍රමාණයක් ජෝන් කීල්ස් සමාගමටත්, සියයට පහළොවක කොටස් ප‍්‍රමාණයක් වරාය අධිකාරියටත් හිමි වෙනවා. ජනතාවට නොදන්වා, පාර්ලිමේන්තුවට නොදන්වා, වෘත්තීය සමිතිවලට නොදන්වා තමයි මේ ගිවිසුමට ගියේ. මේක හරහා අපට බරපතළ සැකයක් තියෙනවා, මේ ගිවිසුම ඇතුළේ අන්තර්ගත කරුණු සම්බන්ධයෙන්. විශේෂයෙන් රාජ්‍ය භාගය (රෝයල්ටි එක) ලැබෙන ප‍්‍රමාණය කොච්චරක් ද? මේ හරහා අපේක්ෂිත ලාභාංශ ලැබෙනවා ද ආදී කරුණු කාරණා සම්බන්ධයෙන් නිවැරැදි තක්සේරුවකින් ද මේ ගිවිසුම අත්සන් කළේ කියලා. ඒ වගේම ලංකාවේ පිහිටීම මත පදනම්ව අපේ රටේ ආර්ථිකය ගොඩනඟනවා නම්, වරාය අතිශයින්ම වැදගත් මර්මස්ථානයක්. අපේ රටේ පිහිටීම මත පදනම්ව මෙතෙක් කිසිම රජයක් අපේ ආර්ථික උපායමාර්ග තෝරා ගත්තේ නැහැ. ඒකට උදාහරණ ඕනෑ තරම් තියෙනවා. විශේෂයෙන්ම අපේ වරායවල්, පර්යන්ත සේවා, ව්‍යාපාර, ඉඩම් රාශියක් බහුජාතික සමාගම් අතට පත් කරලා තියෙනවා. ඒකෙන් පේනවා මේ ආණ්ඩුවල ආර්ථික ප‍්‍රතිපත්තියම විකිණීම බව.
මේ ගිවිසුම හරහා එකිනෙකට කඳවුරු දෙකක් එකම භූමියකට කැඳවලා තියෙනවා. කොළඹ වරායේ දකුණු කොටසේ ඉන්න සී.අයි.සී.ටී. සමාගම චීනයේ. බටහිර කොටසේ ඉන්දියානු අදානි සමාගම ඉන්නවා. මේ රටවල් ඇතුළේ ජාත්‍යන්තර භූ දේශපාලන තත්ත්වය සැලැකිල්ලට ගත්තට පස්සේ යුදමය තත්ත්වයක් ඕනෑම මොහොතක නිර්මාණය වීමේ හැකියාව තියෙනවා. මේ ඔස්සේ ආරක්ෂාව සම්බන්ධයෙන් බරපතළ ප‍්‍රශ්නයක් පැනනඟිනවා. 1999 වෙද්දී බහාලූ මෙහෙයුම්වල සියයට සියයක අයිතිය තිබුණේ ශී‍්‍ර ලංකා වරාය අධිකාරියට. නමුත්, 1999දී චන්ද්‍රිකා පාලනය යටතේ රැජින ජැටිය ටී.එන්. ඕ. සමාගමට වික්කා. අද ඒක එස්.ඒ.සී.ජී. හැටියට තියෙනවා. ඒ වෙලාවේ කිව්වේ මේ හරහා තරගකාරීත්වයක් ඇතිවෙනවා, ඒ වගේම රටට විශාල වශයෙන් ඩොලර් ලැබෙනවා කියන කාරණය. 2013දී මහින්ද රාජපක්ෂ පාලනය යටතේ වරායේ දකුණු කොටස චීනයට වික්කා. ඒ හරහාත් ගොඩනැගුව තර්කය තමයි මේක විශාල ආයෝජනයක් ය කියන කාරණය. නමුත්, 2021 ශේෂ පත‍්‍රය බැලූවොත්, ගත වෙච්ච අවුරුදු විසිදෙකක කාලය තුළ වරායේ මේ සම්පත් දෙක විකිණීම හරහා සියයට හැත්තෑවක කොටස් වරාය අධිකාරියට අහිමි වෙලා තියෙනවා. බටහිර පර්යන්තය විකිණීම හරහා අපේ රටේ අනාගතය අපට අහිමි කරලා තියෙනවා. ඒ නිසා මේ විකිණීමට එරෙහිව කළ හැකි, කළ යුතු සියලූ දේ අපි වෘත්තීය සමිතියක් හැටියට මේ රටේ ජනතාවත් සමඟ එක්ව කරනවා.

කුණු කොල්ලයට දීමක්, ප‍්‍රසන්න කළුතරගේ, ශී‍්‍ර ලංකා නිදහස් සේවක සංගමයේ ප‍්‍රධාන ලේකම්

ආයෝජන නිවැරැදි විදිහට කරනවාට අපි එකඟයි. මේ දැන් කරලා තියෙන දෙයට අපි එකඟ නැහැ. නැගෙනහිර පර්යන්තය සටන පටන් ගන්න කොටම අපි කිව්වා, නියම විදිහට ආprasanna kaluthrageයෝජන කරනවා නම්, අපි එකඟයි කියලා. අපිට පර්යන්ත දෙකක් කරන්න අමාරුයි. ඊළඟට ඊ.ටී.පී. ගිවිසුම අනුවත් අපිට එක පර්යන්තයයි කරන්න හැකියාව තියෙන්නේ. අනෙක් දෙකම ප‍්‍රයිවට් දෙන්න ඕනෑ කියලා තියෙනවා. අපි ශී‍්‍ර ලංකා නිදහස් සේවක සංගමය විදිහට ආයෝජන රටට ඵලදායක ලෙස කරනවාට විරුද්ධ වෙන්නේ නැහැ. හැබැයි තුට්ටු දෙකේ විදිහට කරන එකට අපි විරුද්ධයි. මේකේ දියකඩනය ඉදිකරන්න ඇමෙරිකානු ඩොලර් මිලියන තුන්සිය හැත්තෑපහක මුදලක් අපි වැය කළා.

 

මේකට අමතරව ශක්‍යතා අධ්‍යයනයට විවෘත කිරීම්වලට ආදී අදාළ දේවල් සඳහා ශී‍්‍ර ලංකා වරාය අධිකාරිය විශාල මුදලක් වැය කළා. මේ සා විශාල මුදලක් වැය කරලා හදපු දියකඩනය දෙන්න ඕනෑ රටට ආදායම් එන විදිහට. මේකට ගනිපු ලෝන් එක ගෙවල රටට භාණ්ඩාගාරයට කීයක් හරි එන විදිහට තමයි දෙන්න ඕනෑ. එහෙම නැතිව කිසිම ටෙන්ඩර් කැඳවීමකින් තොරව චීනයේ සී.අයි.ජී.පී. සමාගමට දුන්නා. ඊටත් වඩා අඩු ආදායමක් එන විදිහට තමයි, මේ බටහිර පර්යන්තය ඉන්දියාවේ අදානි සමාගමට දෙන්නේ.
ඒකත් කිසිම විනිවිදභාවයකින් තොරව ටෙන්ඩර් කැඳවීමකින් තොරව වරාය අධිකාරියට සියයට පහළොවක කොටස් හිමි වන විදිහට තමයි, මේක දෙන්නේ. මේ දෙකම එක්කහු කළත් දියකඩනයේ ණය වාරිකය ගෙවා ගන්න අපිට බැරි තත්ත්වයක් තමයි තියෙන්නේ. රටක් ලෙස ණයවෙලා දියකඩනයක් ඉදි කරලා ඒකේ ණය මුදලවත් ගෙවා ගන්න බැරි විදිහට මේ වැඬේ කරනවා නම්, වෘත්තීය සමිති ලෙස අපිට එකඟ වෙන්න බැහැ.


පර්යන්ත මෙහෙයුම් ගාස්තු හැර ඉතිරි සියලූම ආදායම් වරාය අධිකාරියට, ශ්‍යාමල් සුමනරත්න, වාණිජ කර්මාන්ත හා සේවා ප‍්‍රගතිශීලී සේවක සංගමයේ ප‍්‍රධාන ලේකම්, වරාය ශාඛාව

Shayamal sumanaratneමුලින්ම කිව යුතුයි බටහිර ජැටිය නැත්නම් බටහිර පර්යන්තය කියල එකක් වරායේ නැහැ. මුහුදක් තියෙනවා. මේ මුහුද තුළ පර්යන්තයක් නිර්මාණය කරනවා. මෙය නිර්මාණය කරන්න ආසන්න වශයෙන් ඩොලර් බිලියන එකක් නැත්නම් ඩොලර් මිලියන දහසක් ආසන්න වශයෙන් යයි කියල අපි විශ්වාස කරනවා ඒක හත්සියයකින් කරන්න තමයි, සැලැසුම් කරලා තියෙන්නේ.මේ පර්යන්තය නිර්මාණය වෙන්නේ දකුණු දියකඩනය හැදුවට පස්සේ. ඒ දියකඩනය ඇතුළේ පර්යන්ත තුනක් තමයි හදන්න සැලැසුම් කළේ ඒ.ඞී.බී. ගිවිසුම අනුව. ඒ පර්යන්ත තුනම පෞද්ගලිකව කරන්න තමයි, එදා හිටිය රනිල් වික‍්‍රමසිංහ ප‍්‍රමුඛ ආණ්ඩුව ‘රීගේනින් ශී‍්‍ර ලංකා’ යටතේ කි‍්‍රයාත්මක වුණේ. ඊට පස්සේ 2004දී මහින්ද රාජපක්ෂ මහත්තයා දෙකක් පෞද්ගලිකව කරලා, එකක් රජය සතුව තියාගන්න තමයි සැලැසුම් කළේ. ඒ රජය සතුව තියාගන්න සැලැසුම් කළ එක තමයි, නැගෙනහිර පර්යන්තය. එම පර්යන්තයෙන් කොටසක් 2014 දෙසැම්බර් වෙන කොට අවසන් කරලා තිබුණා තුනෙන් එකක පර්යන්ත කොටසකුත්. ඒක තමයි පසුගිය දවස්වල ඉන්දියාවට බදු දෙන්න හැදුවේ. ඒකට විරුද්ධව තමයි, අපි සටන් කළේ.

සැලැසුම්ගතව තිබූ බටහිර පර්යන්තය සහ දැනට සී.එම්.සී.ජී. කියන පර්යන්තය කොහොමත් පෞද්ගලිකකරණය කරන්න එහෙම නැත්නම් සියයට පහළොවක් තියාගෙන ඉතිරි කොටස් ආයෝජනය කරන්න තමයි, ගිවිසුම තුළ තිබුණේ. ඒක තමයි අද මේ කි‍්‍රයාත්මක වෙන්නේ. අද කවුරු හරි කියනවා නම්, ඒක දුන්න එක වැරැදියි කියලා මේ විරෝධතාව දක්වන්න තිබුණේ අද නෙමෙයි, 2004දී. දැන් මේ ගැන කතා කරලා වැඩක් නැහැ. ගිවිසුම්ගත වූ දෙය තමයි දැන් මේ කෙරෙන්නේ. මේ බටහිර පර්යන්තය කුමන ක‍්‍රමයකින් හෝ රාජ්‍ය හෝ පෞද්ගලික ආයෝජනයක් ලෙස 2025 වන විට රටට දායාද කිරීම අවශ්‍යයි. මේකෙන් ආයෝජකයන්ට යන්නේ පර්යන්ත මෙහෙයුම් ගාස්තු විතරයි. ඉතිරි සියලූම ආදායම් ශී‍්‍ර ලංකා වරාය අධිකාරියට තමයි එන්නේ. මේක ශී‍්‍ර ලංකා වරාය අධිකාරිය විසින් කළා නම් 2035 හෝ 2040 වත් වෙන්න ඉඩ තිබුණා. නමුත්, දැන් කි‍්‍රයාත්මක වෙන්නේ විය යුතු හොඳම දේ කියල තමයි කියන්න තියෙන්නේ.

 

රට විකුණන තට්ටුමාරුව දැන් ඇති - ලාල් බංගමුවගේ - ස්වාධීන වරාය සේවක, සංගමයේ සභාපති

lal bangamuwaවරායේ නැගෙනහිර පර්යන්තය විජාතිකකරණයෙන් බේරා ගැනීම සඳහා ශී‍්‍ර ලංකා වරාය අධිකාරියේ සියලූම වෘත්තීය සමිති, මේ රටේ වැඩ කරන ජනතාව, විද්වතුන් ආදී සියලූම දෙනා කටයුතු කළා. ඉන්දියානු අදානි සමාගමට දෙන්න හැදු උත්සාහය ආපසු හරවා ගැනීමට අපිට හැකි වුණා. නමුත්, නැෙ`ගනහිර පර්යන්තය ජාතියට අත්පත් කර ගත්තත්, බටහිර පර්යන්තය අද අදානි සමාගම විසින් ඔවුන් සතු කරගෙන තිබෙනවා. ශී‍්‍ර ලංකා රජය රටේ සම්පත් සියල්ල කුණුකොල්ලයට මේ මොහොතේ විකුණමින් ඉන්නවා. ශී‍්‍ර ලංකා වරාය අධිකාරියට ඉතාමත් පාඩු වන ආකාරයට තමයි, බටහිර පර්යන්තය අදානි සමාගමට දීලා තියෙන්නේ. ආයෝජනවලට අපි විරුද්ධ නැහැ. නමුත්, මේවා ආයෝජන නෙමෙයි. මේක ඇවිල්ලා කුණුකොල්ලයට විකිණීමක්. අපිට මේ හරහා ඉතිරි වෙන්නේ සියයට පහළොවයි. අනෙක් සියල්ල ඉන්දියානු අදානි සමාගමට සහ දේශීය සමාගමකට හිමි වෙනවා.

කොළඹ වරාය කියන්නේ ඩොලර් උපයන මර්මස්ථානයක්. නමුත් ඒ ඩොලර් යන්නේ විදේශ සමාගම්වලට. ඒ නිසා මේ දිහා බලාගෙන අපිට ඉන්න හැකියාවක් නැහැ. රටේ ආර්ථික මර්මස්ථාන මේ විදිහට විකුණනවා නම්, ජාතික ආරක්ෂාවට එය බරපතළ ලෙස බලපානවා. ඒ නිසා අපි මේ බටහිර ජැටිය දීම සම්බන්ධයෙන් අපේ තදබල විරෝධය පළ කරනවා. මේ විදිහට කෑල්ලෙන් කෑල්ල විදේශිකයන්ට දෙනවා නම්, අපිට රටක් ඉතිරි වේවි ද යන ප‍්‍රශ්නය පැනනඟිනවා. හම්බන්තොට වරායත් නැවත ගන්නවා කියලා ආව ආණ්ඩුවක් වරායවල්, විදුලිබල මණ්ඩලය, තෙල් සම්පත, ඉඩම් මේ විදිහට විකුණනවා නම්, ඒක මේ ආණ්ඩුවේ අවසානය කියන එක කිව යුතුයි. රටේ ජනතාවත් දැනගත යුතුයි නැවතත් මෙවැනි පාලකයන්ට බලය ලබා නොදීමට. මේ තට්ටුමාරු ක‍්‍රමයට තව දුරටත් ඉඩ නොතබා වෙනත් විකල්ප දේශපාලන කණ්ඩායම් කෙරෙහි අවධානය යොමු කොට රට ආරක්ෂා කර ගැනීමට ජනතාවත් කටයුතු කළ යුතුයි කියන කාරණය තමයි කියන්න තියෙන්නේ.

(ලංකා)