සේවාදිගු පිළිබද අමාත්‍යමණ්ඩල තීරණ සදහා රජය දෙබිඩි පිළිවෙතක

ravi-kumudesh

අවිධිමත් ලෙස තෝරාගත් සේවාවන් කිහිපයකට පමණක් වයස 63 තෙක් සේවා දිගු ලබා දීම හේතුවෙන් රාජ්‍ය සේවාව තුල බරපතල අර්බුධයක් මතුව තිබෙනවා. සෞඛ්‍ය සේවාව තුල හෙද සේවාවට සහ වෛද්‍ය සේවාවට වයස අවුරුදු හැට තුන දක්වා සේවා දිගු ලබා දීමේ අමාත්‍ය මණ්ඩල පත්‍රිකාව මුදල් අමාත්‍යාංශයේ නිර්දේශ කිසිවක් නොමැතිව අනුමත කොට තිබියදී, පරිපූරක වෛද්‍ය සේවාවට අදාල අමාත්‍ය මණ්ඩල පත්‍රිකාව නිර්දේශ සදහා මුදල් අමාත්‍යාංශයටයොමු කොට මාස දෙකකට අධික කාලයක් ගත වී ඇති අතර, එකම කාරණයක් සදහා අමාත්‍යමණ්ඩල අනුමැතිය ලබාදීමට පිළිබදව රජය දෙබිඩි පිළිවෙතක් අනුගමනය කිරීම අප තරයේ ප්‍රතික්ෂේප කරමු.

එසේම සේවා අවශ්‍යතාවය පිළිබදව කිසිදු සොයා බැලීමකින් තොරව විශේෂඥ වෛද්‍ය සේවාට එලෙස සේවා දිගු ලබා දීම මගින් සීමා සහිතව පවතින සමහර තනතුරු සදහා සමහර නිලධාරීන්ට කාලාන්තරයක් බලා සිටීමට සිදුව ඇති අතර එය සෞඛ්‍ය සේවයේ ඉදිරි ගමනට, නව දැනුම එකතු කර ගැනීමට හා කාර්‍යක්ෂමතාවය වැඩි දියුණු කර ගැනීමට එරෙහි බරපතල බාධාවකි.

කෙසේ නමුත් සේවාවන් දෙකකට පමණක් අවිචාරවත්ව ලබා දී ඇති එම අවස්ථාව නිසා ඇතිවන විෂමතාවය හා ව්‍යාකූලත්වය පාළණය කිරීම සදහා, අනෙකුත් වෘත්තීමය සෞඛ්‍ය සේවාවන්ටද එම අවස්ථාව ලබා දීම හැර වෙනත් විකල්පයක් නොමැත.

රවී කුමුදේශ්
සභාපති
පරිපූරක වෛද්‍ය වෘත්තීයවේදීන්ගේ ඒකාබද්ධ බලමණ්ඩලය